ජාතික ආණ්ඩුවට මම නැහැ-මහින්ද

 

මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ගල්ගමුව පැවැති ජනහමුවකදීය.

මේවන විටත් රනිල් ඇතුළු කණ්ඩායම පරාජය බාරගෙන සිටින නිසා ජාතික ආණ්ඩුවක් ගැන කතා කරන බවත් අපි ජාතික ආණ්ඩුවක් ගැන කතා නොකරන බවත් මෙවර මැතිවරණයේදී සන්ධානයට ආසන 117ක් ලබා ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ පරාජය ස්ථීර බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර මාවතගම පැවැති ජනහමුවකදී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමන් කුරුණෑගල ප්‍ර දේශයෙන් තරග කිරීමට තෝරා ගත්තේ වැඩිම පන්සල් තිබීමත්, වැඩිම රණවිරුවන් සිටින පළාත නිසාත්, තමාට කරදරයක් නැති මන්ත්‍රීවරුන් සිටින පළාත නිසා බවයි.

ප්‍රභාකරන් ගේ මස්සිනා

කොටි සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන එම් කේ සිවාජලිංගම්ට මහා මැතිවරණයට ඉදිරිපත් වීමේ වටපිටාව සකසා දීමට තම රජයට හැකිවීයැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රත්ගම ඡන්ද රැස්වීමක දී පැවසීය.

එම් කේ සිවාජලිංගම් ද මහින්ද රාජපක්ෂ මහතා ද කුරුණෑගලින් තරග කරයි.

එල් ටී ටී ඊ සාමාජිකයන්ටත් ඡන්ද ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා දී ඇත්තේ තම රජයෙන් බව ද ඔහු කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.