ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනතින් සියළු ප්‍රශ්න හමාරවේද?

rajitha sena

ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පතට අද (05) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගැනීමට මෙම  ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පතඉවහල් වන බවයි  රජයේ ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  කියා සිටින්නේ.

මෙම පනත ක්‍රියාත්මක කිරීම තුළින් ඖෂධ මිල ගණන් ඉතා විශාල වශයෙන් පහළ යනු ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටී.

එහෙත්  වෛද්‍යවරයෙකු ඖෂධ නිර්දේශ කිරීමේදී වෙළඳ නාමයන්ගෙන් ඉවත්ව ඖෂධීය නාමය පාවිච්චි  කිරීම හුදෙක් පණතක් ගෙනෙමෙන් පමණක් සිදු කල හැකිද යන්න ප්‍රශ්නයකි.

නව පනතින් පසු වෛද්‍යවරු පැරසිටමෝල්, පැනඩෝල් ලෙස නිර්දේශ කිරීම  ඉබේම නතර වෙතැයි සිතිය නොහැක.

විවිධ ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙමින් ඔවුන්ගේ ඖෂධ ප්‍රචාරණය කිරීමට ගන්නා  උත්සාහ නතර වෙතැයි සිතිය නොහැක.

” වෛද්‍යවරුන්ට විදේශ ගමන් යන්න දෙනවා, විවිධ වරප්‍රසාද දීලා ලොකු ප්‍රචාරණයක් කරනවා, ඒකට විශාල මුදලක් වැය වෙනවා, ඒ සියළු මුදල් එකතු වෙන්නේ මේ බෙහෙත් පෙත්තට” යනුවෙන් අමාත්‍යවරයා  කියා සිටින්නේ  අප සියළු දෙනා දන්නා දෙයයි අප නොදන්නේ මේ මගඩිය නතර කරන ආකාරයයි.

2005 වසරේ සිට නව පනත ගෙන ඒමට උත්සාහ කළත් ඖෂධ මාෆියා සහ පසුගිය රජයේ ඉහළ දේශපාලකයන් සමග තිබූ සම්බන්ධතා හේතුවෙන් එය කළ නොහැකි වූ බවයි පෙන්වා දුන්නේ.

 

downldrugs

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී මෙම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එයට විරුද්ධ වූ බවද අමාත්‍යවරයා  කියා සිටී එහෙත් එහිදී තමන් කුමක් කළාද යැයි ඔහු ගෙන් ප්‍රකාශ නොවේ.

ඔසුහල් පවා හොදම බෙහෙත යයි ලබා දෙන්නේ තමන්ට වැඩිම කොමිස් මුදලක් ලබා දෙන සමාගමේ බෙහෙත බව පැවසූ අමාත්‍යවරයා මෙම තත්වයද ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමෙන් වළක්වා ගත හැකි බවයි කියා සිටින්නේ.

ඉදිරි වසර පහ අවසන් වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන ඖෂධ වලින් බහුතරයක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කිරීමට වැඩසටහනක් සකස් කරන බවද අමාත්‍යවරයා කියා සිටී.

 සේනක බිබිලේ
සේනක බිබිලේ

 

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් ආණ්ඩුව කියා සිටින්නේ තමන් මහචාර්ය සේනක බිබිලේ පෙන්වූ මග යන බවයි.එහෙත් සේනක බිබිලේ පෙන්වූ මග පුළුල් සමාජ පරිවර්තනයක් සහිත  මගක් විය.ඒ පිළිබඳව නාලක ගුනවර්ධන තැබූ සටහනකි  මේ.

 

මහජන සෞඛ්‍යය ගැන සංවේදී හා සකි‍්‍රය වන වෛද්‍යවරුන් බොහෝ දෙනකුගේ පරමාදර්ශී වීර චරිතය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ(1920-1977). 1958දී මෙරට ඖෂධවේදය පිළිබඳ ප‍්‍රථම මහාචාර්ය තනතුරට පත් මේ ජනතාවාදී වෛද්‍යවරයා 1971දී රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිට වූ විට එහි ප‍්‍රථම සභාපතිවරයා වුණා. ඔහුගේ විශිෂ්ඨ බුද්ධිමය දායකත්වය වූයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ තර්කාන්විත ක‍්‍රමවේදයක් යෝජනා කිරීමයි (rational pharmaceutical drugs use).

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ රෝගීන්ට දෙන බෙහෙත්වලින් අඩකටත් වඩා රෝගාබාධ සමනය කිරීමට අත්‍යවශ්‍ය හෝ ඉලක්කගත හෝ නොවන බව දැන් පිළි ගැනෙනවා. එහෙත් බොහෝ වෛද්‍යවරුන් බෙහෙත් නියම කරන විටත්, රෝගීන් බෙහෙත් ගන්නා විටත් ඒ ගැන නැවත සිතා බැලීමක් කරන්නේ නැහැ. එසේ හැකි තාක් ඖෂධ නියම කිරීමට වෛද්‍යවරුන්ට නිෂ්පාදන සමාගම් බලපෑම් කරන බවත්, ඒ සඳහා නොයෙක් දිරිගැන්විම් හා පරිත්‍යාග කෙරෙන බවත් කලක සිට ප‍්‍රකටයි.

මහජන මුදලින් පවත්වා ගෙන යන රාජ්‍ය සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඖෂධ භාවිතය වඩාත් තර්කනුකූල විධිමත් කිරිමට 1970 දශකයේ බිබිලේ ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් උත්සහ කළා. මේ සඳහා වෛද්‍ය වෘත්තිය, සෞඛ්‍ය පරිපාලනය, සෙසු විද්‍යාඥයන් අතර මෙන් ම ජන සමාජ මට්ටමින් ද විද්වත් කතිකාවක් ඔවුන් ඇරඹුවා.

සරසවි වෙද ඇදුරකු ලෙසත් පර්යේෂකයෙකු ලෙසත් ක‍්‍රියා කරන අතර මේ ප‍්‍රතිපත්ති මට්ටමේ වෙනස ඇති කිරිමට මහාචාර්ය බිබිලේ ගත් උත්සාහය ගැන ඔහුගේ ජීවන චරිත කතාවෙත්, වෙනත් ප‍්‍රකාශනවලත් ලේඛන ගතව තිබෙනවා. එහිදී ඔහු මහත් පරිශ‍්‍රමයෙන් තොරතුරු හා සාක්ෂි රැස් කොට, විශ්ලේෂණය කොට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය විලාසය ගැන ඔහුගේ සිසුවකු වූ විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවෛද්‍ය තිස්ස විතාරණ සිහිපත් කරනවා.

සේනක බිබිලේ වයස 57දී හදිසියේ මිය යාම සැක කටයුතු බවත්, ඇතැම් විට කුමන්ත‍්‍රණයක් විය හැකි බවත් සමහරුන් විශ්වාස කරනවා.

ඔහු ගැන කථා කරන බොහෝ දෙනා හා බිබිලේ චරිතය පරමාදර්ශයට ගන්නා නූතන වෛද්‍යවරුන් ඔහුගේ අකල් මරණය ගැන දැඩි අවධානය යොමු කරන අතර, ඔහු ජීවත්ව සිටියදී කි‍්‍රයා කළ විලාසය ගැන සමීපව අධ්‍යයනය කරන්නට නොවෙහෙසීම කණගාටුදායකයි.

මහාචාර්ය බිබිලේට සමාජවාදී දේශපාලන නැඹුරුවක් තිබුණා. ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහුගේ චින්තනය එයින් පොෂණය වූ බව පැහැදිලියි. එහෙත් ඖෂධවේදය පිළිබඳ විද්වත් වාදවිවාදවලදී ඔහු විද්‍යාව හා දේශපාලනය අනවශ්‍ය ලෙස මිශ‍්‍ර කර ගත්තේ හෝ පටලවා ගත්තේ නැහැ.

ජාත්‍යන්තර තලයේ දක්‍ෂ ප‍්‍රතිමල්ලවයත් සමග සංයමයෙන් හා ඉතා සංවිධනාත්මකව වාද විවාද කළ සැටිත්, ලෝකයේ ආණ්ඩු සාමාජිකත්වය දරණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප‍්‍රබල බුද්ධිමය වෙනසක් කළ සැටිත් වෛද්‍ය විතාරණ, වෛද්‍ය කොල්වින් ගුණරත්න ඇතුඵ බිබිලේ සහෘදයන් වාර්තා කොට තිබෙනවා. මෙන්න පරමාදර්ශය!

බිබිලේ අකාලයේ මිය ගියත් ඔහු ඇරැඹූ චින්තන විප්ලවයට දිගට ම ලාංකික බුද්ධිමය දායකත්වය හා නායකත්වය ලැබුණා.

Dr Kumariah Balasubramaniam

බිබිලේ යටතේ සරසවි ඇදුරකුව සිටි ඖෂධවේදී ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම්(1926-2011) ඉන් පසු එම බුද්ධිමය අරගලය තවත් වසර 30කට වැඩි කලක් පෙරට ගෙන ගියා. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (UNCTAD ආයතනයේ) විශෙෂඥයකු ලෙස කි‍්‍රයා කරමින් ඔහු නේපාලය, කියුබාව, පිලිපීනය, ඉතියෝපියාව හා ටැන්සේනියාව වැනි රටවල අත්‍යවශ්‍ය ඖෂධ ප‍්‍රතිපත්ති සම්පාදනය කළා.

1981දී Health Action International (HAI) නම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් බිහි කිරීමට හවුල් වූ වෛද්‍ය බාලසුබ‍්‍රමනියම්, ප‍්‍රගතිශීලී වෛද්‍යවරුන්, ඖෂධවේදීන් හා වෙනත් සමාජ කි‍්‍රයාකාරිකයන් රැසක් හවුල් කර ගෙන නැණවත් ඖෂධවේදයක් සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයක් පවත්වා ගෙන ගියා. කලක් ඔහු මැලේසියාවේ පිනෑංග්හි පිහිටි HAI ආසියා පැසිෆික් කාර්යාලයේ  උපදේශක ලෙස ද ක‍්‍රියා කළා.

අන්තර් රාජ්‍ය මට්ටමේ WHO සංවිධානයට උදාසීන වන්නට හෝ අකාර්යක්‍ෂම වන්නට හෝ නොදී සිවිල් හා විද්වත් බලපෑම් දිගට ම පවත්වා ගන්නේ HAI වැනි රාජ්‍ය නොවන සංවිධානයි.

බංග්ලාදේශයේ ඖෂධ ප‍්‍රතිපත්තිය ජනතාවාදී කිරීමේ මුල් තැන ගත් වෛද්‍ය සෆ්රුල්ලා චෞද්‍රි (Dr Zafrullah Chowdhury) ආචාර්ය බාලසුබ‍්‍රමනියම් ගැන ඉතා ගෞරවයෙන් කථා කළා. ‘‘ඩොක්ට බාලා මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොව පුරා පැතිර සිටින දහස් ගණනක් දෙනා බලාත්මක කළා. මෙය දිගුකාලීන අරගලයක් බවත්, තාවකාලික ජයග‍්‍රහණවලට වඩා ප‍්‍රතිපත්තිමය මට්ටමේ හා චින්තන වෙනසකට කි‍්‍රයා කළ යුතු බවත් ඔහු අපට නිතර සිහිපත් කළා.’’

මහාචාර්ය බිබිලේ මා කිසි දිනෙක මුණ නොගැසුණත් ආචාර්ය බාලසුබ‍්‍රමනියම්ට කොළඹ විද්වත් තලයන්හිදී මා සවන් දී තිබෙනවා. ඔහු බහුශ‍්‍රැත වූත්, මිත‍්‍රශීලී වූත්, නිහතමානී චරිතයක් බව මට මතකයි.

තමන්ගේ දිගුකාලීන අරමුණු සාක්ෂාත් කරගන්නට රාජ්‍ය නිලධාරීන්, ඖෂධ සමාගම්වල නියෝජිතයන් ඇතුඵ අදාල හැම කෙනකු සමග ම ඔහු සන්සුන්ව සාකච්ඡා කළා. ආවේගශීලී වූයේ නැහැ. මෙබඳු අරගලයන්හි මුඛ්‍ය අවශ්‍යතාවයක් වන්නේත් එයයි.

2007දී Ceylon Medical Journal වෛද්‍ය සඟරාවෙහි ලිපියක් ලියමින් වෛද්‍ය මහාචාර්ය කොල්වින් ගුණරත්න කීවේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වී ලෝක ව්‍යාප්ත මට්ටමේ ලොකු ම බලපෑම කළ වෛද්‍යවරයා කේ. බාලසුබ‍්‍රමනියම් බවයි. (අකල් මරණය නිසා බිබිලේ ගමන කෙටි වූ බැවින්.)

2011දී බාලසුබ‍්‍රමනියම් මිය ගිය පසු ලෝකයේ ඉහළ ම පෙළේ වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන The Lancet ඔහු හැදින්වූයේ ‘ලොව සිටි ඉතා ම දැනුවත් හා අධිෂ්ඨානශීලී සෞඛ්‍ය කි‍්‍රයාකාරියකු’ ලෙසටයි. http://tiny.cc/LancetKB

මේ තරම් ලෝක කීර්තියට පාත‍්‍ර වූ මේ ලංකා පුත‍්‍රයා ගැන දන්නේ වෛද්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් පිටත කී දෙනාදතරුණ වෛද්‍යවරුන් පවා කී දෙනෙක් මේ චරිතය ගැන අසා දැනුවත් දබිබිලේටත් වඩා සාර්ථක වූ මේ විද්වතා ගැන සිංහල මාධ්‍යවල කථා නොකරන්නේ ඇයි?

මාධ්‍ය ප‍්‍රසිද්ධිය නොපතා, නිහඩව අඩසියවසක් ප‍්‍රතිපත්ති හා බුද්ධිමය මට්ටමේ මාහැගි මෙහෙවරක් කළ බාලසුබ‍්‍රමනියම්, අද කාලේ ක්‍ෂණික සේනක බිබිලේලා වන්නට තැත් කරන අයට හොඳ ආදර්ශයක්!

බිබිලේ මගෙහි යන තවත් විද්වතුන් සිටිනවා. කලක් කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය ඉගැන් වූ වෛද්‍ය කි‍්‍රශාන්ත වීරසූරිය එක් උදාහරණයක්. දැන් ඔහු ජිනීවා නුවර WHO මූලස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාත්‍යන්තර විද්වත් කමිටුවේ ලේකම්වරයා.

මහාචාර්ය බිබිලේ හා ආචාර්ය බාලසුබ‍්‍රමනියම් වැනි විද්වතුන් ක‍්‍රමීය මට්ටමෙන් ප‍්‍රශ්න විග‍්‍රහ කොට, සංකීර්ණ සමාජයේ වෙනස්කම් කිරීමේදී මතු වන අභියෝග මනා ලෙස හඳුනා ගෙන සිටියා. උපක‍්‍රමශීලීව, සියුම් ලෙස තමන්ගේ කරුණු හා තර්ක ගොනු කරමින්, විවිධ ක්‍ෂෙත‍්‍රවල හා රටවල මිතුදම් වර්ධනය කරමින්, බුද්ධිමය සංධාන ගොඩ නැගුවා.

 

images (82)pharma

 

මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට නොවරදවා ම විරුද්ධ වන බව දන්නා (ඖෂධ සමාගම් වැනි) පාර්ශ්වයන් ද සංවාදවලට සහභාගී කර ගත්තා. ඔවුන්ට ප‍්‍රසිද්ධියේ පහරදීමට ගියේ නැහැ. ඒ වෙනුවට මහජන අභිවෘද්ධියට නිසැකව දායක වන ප‍්‍රගතිශීලී පියවරවලට ප‍්‍රසිද්ධියේ ඔවුන්ගේ කැමැත්ත ද ලබා ගැනීමට උත්සුක වුණා.

මේවා කඩාකප්පල් කිරීමට අල්ලස්, තර්ජන, ආදිය මතුවිය  හැකි බව දැන සිටියා. තමන්ගේ අවංක බව හා පාරදෘශ්‍ය කි‍්‍රයා කලාපය හරහා ආදර්ශමත් වුණා. තමන් අතින් වැරදි සිදු වූ විට වහා නිවැරදි කර ගත්තා.

මාධ්‍යවලින් සංතෘප්ත වී ඇති අද කාලේ මාධ්‍ය හරහා ද මෙබඳු අරගලයන් කළ යුතු බව ඇත්තයි. එහෙත් ප‍්‍රශ්නයේ ප‍්‍රතිපක්‍ෂයට නිග‍්‍රහ කරමින්, බරපතල චෝදනා නගමින් ආවේගශීලී වනවා වෙනුවට සමාජයට තොරතුරු සන්නිවේදනය කළ හැකි වෙනත් ශෛලීන් තිබෙනවා.

‘රටට වස කැවීමේ ජාත්‍යන්තර ක‍්‍රමන්ත‍්‍රණ’ ගැන කථා කිරීම හරහා අහිංසක ජනයා බියපත් කොට ව්‍යාකූල කරනවාට වැඩි විද්වත් බවක් අප වෛද්‍යවරුන්ගෙන් බලාපොරොත්තු වනවා.

බිබිලේ ගිය මගෙහි අයාලේ ගියාට පමණක් මදි. බිබිලේ බහුවිධ දුෂ්කරතා මැද උපක‍්‍රමශීලීව ප‍්‍රතිපත්ති හා චින්තන මට්ටමේ වෙනසක් කළෙ කෙසේ ද යන්නත් ඔහුගේ අනුගාමිකයන් වූ බාලසුබ‍්‍රමනියම් හා වීරසූරිය වැනි අය ඉන් ඔබ්බට බුද්ධිමය අරගලය ගෙන ගියේ කෙසේ ද යන්නත් සමීපව විමසා බැලීම

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.