ජාතික කොඩියත් එක්ක සෙල්ලම් බැහැ

 

images (94)

 

 

ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට රජය සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය අනවබෝධයෙන් කරන ලද්දක් බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ජාතික කොඩියේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග විමල් වීරවංශ මහතා වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි.

ජාතික කොඩිය විකෘති කර අවභාවිතයට ගන්නා අවස්ථා පිළිබඳ පැමිණිලි රැසක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජාතික කොඩිය භාවිතයේ දී අනුගමනය කළ යුතු රීති මාලාව නීති මාලාවක් බවට පත්කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයට තමන් යෝජනා කළ බවයි ජෝෂප් මයිකල් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගැනීම සඳහා ද අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.