ජාතික කොඩිය වෙනස් කරන නාගයින්

සිංහල ජාතියට හා බුද්ධ ශාසනයට පසුගිය ශතක කිහිපය තුල සිදු කරන ලද අසාධාරණයන් හා අයුක්තියන් පිටු දැකීමටත් ඒ සඳහා සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීම තම පක්ෂයේ මුලික අභිප්‍රයා බවත්, ඒ යටතේ 1815 ට පෙර තිබු රටේ නම “සිංහලේ” ලෙස නීති ගත කිරීම ,1815 ට පෙර හා 1948 ඔසවන ලද ” සිංහ” කොඩිය ජාතික කොඩිය ලෙස නීති ගත ගත කිරීම පිණිස තම පක්ෂය කටයුතු කරන බවත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින ‘බොදු ජන පෙරමුණ’ (BJP) අවධාරණය කර සිටිති.

බොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු පසුගිය දා කැළණි රජ මහා විහාරයේදී පැවති ආගමික වතාවත් වලින් පසුව ආරම්භ කරන ලදී.

එම පක්ෂයේ නායක පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් ආගමික කටයුතු කරන ලද අතර එහිදී විශේෂයෙන් බොදු ජන පෙරමුණේ ජන්ද ලකුණ වන ‘නාග ලකුණ’ පිලිබඳ පැහැදිලි කරන ලදී.

අනතුරුව අපේක්ෂකයින් විසින් බියගම පිහිටි සිය දිස්ත්‍රික් කාර්යාලයේදී හමු වූ අතර එහිදී මෙවර මැතිවරණයට ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්ව සිටින, බොදු ජන පෙරමුණේ සභාපති කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය දේශපාලන ව්‍යායාමයේ ප්‍රධාන අරමුණු පෙන්වා දෙනු ලැබීය.

“සිංහලේ” ආරක්ෂාව හා දියුණු කිරීම යන එම අරමුණු දෙක ඉටු කර ගැනීම පිණිස බෞද්ධ දේශපාලන දර්ශනය සමජගත් කිරීම හා සිංහල ජාතික අභිමානය ගොඩ නැගීම් උදෙසා පක්ෂයේ මතවාදය සමාජගත කරන ලෙස ඔහු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේය.

අධ්‍යාපනය, සෞඛ්‍ය,ආර්ථිකය ආදී කෂේත්‍ර තුල පැහැදිලි වෙනසක් කිරීම අවධාරණය කල විතානගේ මහතා, අනාගතයේදී බොදු ජන පෙරමුණ මගින් පිහිටවනු ලබන රජයක් යටතේ එම අරමුණු ඉටු කර ගැනීම පිණිස සියලු දේශපාලනික අවකාශයන් හා අවස්ථා යොදා ගැනීමට කටයුතු කල යුතු බවත් මේ මැතිවරණයේදී ඒ සඳහා අත්තිවාරම දැමිය යුතු බව ප්‍රකාශ කළේය.20150717 11002820150717 11271820150717_112718

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.