ජාතික ගීතය කෙලසීම ගැන මහින්දට එරෙහිව පැමිණිල්ලක්

[vsw id=”/G0phWfGVB3o” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

ජාතික ගීයේ වචන තමන්ට අවශ්‍ය ලෙස ආරුත් ගන්වා  දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් භාවිතා කල බව ජනාධිපති ප්‍රචාරණ තුලදී රනිල් වික්‍රමසිංහකියා සිටි අතර දැන් ඒ ගැන

පැමිණිලක් ඉදිරිපත් වී ඇත.පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට  ඇත්තේ ටී ජයකුමාර් මහතා විසිනි.

ජාතික ගීතයේ ශ්‍රී ලංකා මාතාවට ගරු කිරීම සඳහා යොදා ගන්නා “අපගේ ශක්‌තිය ඔබයි. අපගේ ආලෝකය ඔබයි. අපගේ අනුප්‍රාණය ඔබයි. අපගේ ජීවය ඔබයි” ආදී යෙදුම් තමන්ගේ ජනාධිපතිවරණ වෙළෙඳ ප්‍රචාරණය සඳහා යොදා ගැනීමෙන් ජාතික ගීතයට පමණක්‌ නොව ලංකා මාතාවටද අගෞරව කිරීමට (එවකට) ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ක්‍රියාකර ඇතැයි විපක්‌ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  මැතිවරණ රස්වීම් වලදී කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වන පර්ච්ඡේදයේ ශ්‍රී ලංකා ජන රජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන බව දක්වා ඇති අතර  ජාතික ගීයෙහි පදමාලාව හා සංගීතය ව්‍යවස්ථාවේ 03 වන උපලේඛණයේ දැක්වේ. එහෙයින් ජාතික ගීය  ජාතික දේපළක් සේ සැලකිය යුතු බව පැමිණිල්ලෙන් පෙන්වාදී ඇත..

ජාතික ගීයේ පද මාලාව හා සංගීතය මෙන්ම එම තනුවම යොදා ගෙන ජතික ගීතයට සමාන රූප භාවිතා කරමින් ඒ හා සමාන වෙන්ත ගීතයක් ප්‍රචාරණ කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතානාන්විතව උල්ලංඝනය කිරීමක් බවත් පැමිණිල් ලේ සඳහන් .

හිටපු ජනාධිපතිවරයාට අමතරව  පහත සඳහන්  අය පැමිණිල්ලේ  නම් කොට ඇත.

, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රූබසිංහ,

ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය උපදේශකව සිටි මොහාන් සමරනායක,

ස්වාධීන රූපවාහිනීයේ හිටපු සභාපතිවරුන් වූ අනුර සිරිවර්ධන,

රොස්මන්ඩ් සේනාරත්න

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ,

ස්වර්ණවාහිණියේ සභාපති ආචාර්ය සෝමා එදිරිසිංහ,

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.