ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය ඉල්ලන් කෑමකි

 

White_paper

 

බලයට පත්වෙන හැම ආණ්ඩුවකට කල කටයුතු කරගෙන ය යුතු ආකාරය පිලිබදව උපදෙස් දීම නිතිපතා සිදුවෙන්නෙකි. මේ කාර්යයේයේදී මුල් තැනක් ගෙන කටයුතු කරන අයෙකි ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන.කලාව සහ  සංස්කෘතිය වෙනුවෙන් ආණ්ඩුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා සිටීම ආණ්ඩුවේ ඇඟිලි ගැසීමකට ඇත වැනීමකි.ආණ්ඩුව තමන් පත් කරගන්නා හිතවතුන් කීප  දෙනෙක් හරහා කලාව සහ සංස්කෘතිය මෙහයවා ගැනීම සඳහා  පාර කප්පවා ගැනීමකි. රනිල් වික්‍රමසිංහ එදා අධ්‍යාපනය පිළිබඳව ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කල විට සරසවි සිසුන් දිවි නොතකා ඊට එරෙහි ව සටන් කළහ මේ කලා  බර පිරිස තැත් කරන්නේ  ඉල්ලන් කන්නය.ආණ්ඩුව කලාවෙන් සංස්කෘතියෙන් ඈත්වූ තරමට යහපත් බවහොදින්ම පෙන්වා දුන්නේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය.

පුවත් පත් නිවේදනය මෙසේය.

කලාව සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රය තුළට උචිත හා නිරවද්‍ය ලෙස රාජ්‍යයේ මැදිහත් වීම සහතික කරන්නාවූ ජාතික ප්‍රතිපත්තියක් වූ කලී මෙතෙක් ඉටු නොවූ ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවකි . එනමුත් නිදහසින් පසු ඉකුත් වූ පසුගිය දශක හය තිස්සේ බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මේ සම්බන්ධයෙන් පෙන්වා ඇත්තේ දැඩි උදාසීන සහ අසංවේදී පිළිවෙතකි. මේ තත්ත්වය නිසා දිගින් දිගටම මතුවන ගැටළු වර්ග දෙකකට මුහුණ දීමට ශ්‍රී ලාංකික සමාජයට සිදුවී ඇත.; ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සිදු විය යුතු පරිද්දෙන් නූතන රාජ්‍යයක් විසින් අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැරිය යුතු වගකීම් නිරන්තරයෙන් පැහැර හරිනු ලැබ ඇත . එසේම, අනිත් අතට බලයට පැමිණෙන ආණ්ඩු මෙන්ම තනි දේශපාලනඥයන් විසින් නියාමනයට ලක් නොවන අයථා සහ හානිකර මැදිහත් වීම් මේ ක්ෂේත්‍රය තුළට කරනු ලැබේ . මේ නිසා දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතික – අධ්‍යාත්මික වශයෙන් සමාජයට සිදු වී ඇති හානිය ඉමහත්ය .

 


මේ ගැටළු ගැන දීර්ඝ කාලයක් තිස්සේ උනන්දු වන අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් සහ වෘත්තිකයන් පිරිසකගේ මූලිකත්වයෙන් පසුගිය 2014 දෙසැම්බර් මස සිට ආරම්භ කරන ලද තීව්‍ර සාකච්චා ක්‍රියාදාමයක ප්‍රතිපලයක් වශයෙන් කලාව සහ සංස්කෘතිය සඳහාවූ ජාතික ප්‍රතිපත්තියක් සඳහා ධවල පත්‍රිකාවක් සම්පාදනය කරනු සඳහා ස්වෙච්චා කෙටුම්පත් කමිටුවක් 2015 පෙබරවාරි මාසයේදී නිර්මාණය විය . අද එම කෙටුම්පත් කමිටුව විසින් ජනගත කරනු ලබන්නේ එකී ධවල පත්‍රිකාවේ ආරම්භක කෙටුම් පතයි . මෙම ආරම්භක කෙටුම් පත 2015 මැයි මස 08දා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ටද , මැයි මස 18 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ටද ඉදිරිපත් කරන ලදී . කෙටුම්පත් කමිටුවේ අභිලාෂය වන්නේ ඉදිරි මාස 06 ක කාලය තුළ මෙම කෙටුම්පත රට පුරා විසිරී සිටින කලා කරුවන් , විද්වතුන් සහ අනෙක් පරදු දරන්නන් ගේ මෙන්ම පුළුල් මහජනයාගේ අවධානයට යොමු කොට විධිමත් සාකච්චා සම්මන්ත්‍රණ ක්‍රියාවලියක් ඔස්සේ අවසාන ධවල පත්‍රිකා කෙටුම්පත සම්පාදනය කිරීමටයි .
අද මේ මොහොතේ රටේ අවධානයට යොමු කෙරෙන කලාව හා සංස්කෘතිය සඳහා වූ නව ජාතික ප්‍රතිපත්තිය උදෙසාවූ ධවල පත්‍රිකා කෙටුම් පත පරිච්චේද කිහිපයකින් සමන්විත වේ ; ප්‍රස්තාවනාව , දැක්ම, සන්දර්භ විශ්ලේෂණය, ප්‍රතිපත්තියේ පරිදර්ශනය සහ යෝජිත ප්‍රමුඛ ක්ෂේත්‍ර ( සඳහා යෝජනා සහ නිර්දේශ ) වශයෙනි . ඊට අමතරව කෙටුම් පත් කමිටුව සහ ක්‍රියාවලිය සහ ඉදිරි ගමන් මග ගැන තොරතුරු සහිත උපලේඛණ ද මීට ඇතුළත්ය .
මෙම කෙටුම්පත ඉදිරිපත් කරන දැක්ම , නව ජාතික ප්‍රතිපත්තියට අවශ්‍ය කෙරෙන කේන්ද්‍රීය අරමුණ , එහි කේන්ද්‍රීය මතවාදයද මෙන්ම කේන්ද්‍රීය දැනුම් ප්‍රවේශයද හකුලා අඩංගු කරගනී . මෙහි සංග්‍රහ කෙරෙන සන්දර්භ විශේල්ෂණය විසින් මෙවැනි ප්‍රතිපත්තියක් අවශ්‍ය කෙරෙන්නේ මන්ද යන ප්‍රශ්නය විධිමත්ව විමසන අතර, යෝජිත ප්‍රතිපත්තිය ගත යුතු දිශානතිය මෙන්ම එය ආමන්ත්‍රණය කළ යුතු ගැටළු සමුච්චය ගැනද සංඥා කරයි . ප්‍රස්තාවනාව තුළ මෙම අදහස් මාලාව මෙසේ සම්පිණ්ඩනය කර ඇත ‘අපි ජාතියක් වශයෙන් වැදගත් කාලසන්ධියක සිටින්නෙමු. සිවිල් සහ දේශපාලන ජීවිත මාන ශක්තිමත්ව හා කඩිනමින් යහපාලනය කරා ගමන් කිරීමට අරමුණු කර ඇත. ඉදිරියට තබන ලද මෙම පියවර තුළ අප බලාපොරොත්තු වන සමාජ, ආර්ථික හා දේශපාලනික පරිවර්තනය පසසන, එය ප්‍රකට කරවන හා ඊට පිටුබලය දෙන පරිවර්තනීය සංස්කෘතික දැක්මක් අත්‍යවශ්‍ය වේ. මෙම සංස්කෘතික පදනම නොමැතිව ශිෂ්ට සමාජයක පැවැත්ම සඳහා අවශ්‍ය වන නූතන ශ්‍රී ලාංකික පුරවැසියාගේ සාකල්‍ය සංවර්ධනය ඵල නොදරනු ඇත.’

 


මෙම ධවල පත්‍රිකා කෙටුම් පතේ ප්‍රධාන අන්තර්ගතය තුළ අනාගත ජාතික ප්‍රතිපත්තිය විසින් ආමන්ත්‍රණය කළයුතු ප්‍රමුඛ ගැටළු ක්ෂේත්‍ර 09ක් සහ ඒවා යටතේ ගත යුතු ප්‍රධාන තේමා හඳුනා ගෙන ඇත . ඒවා නම් ;
1. කලාව හා සංස්කෘතියේ භූමිකාව
ජනතාවගේ සහ ජාතියේ සංවර්ධනයේ කේන්ද්‍රීය භුමිකාවක් ඉටුකරන ක්ෂේත්‍රයක් බවට කලාව හා සංස්කෘතිය පත්කිරීම,
.2. සංහිඳියාකරණය සහ සමාජ- සංස්කෘතික අන්තර්කරණය
පශ්චාත්-යුධ සමයේ කලාව හා සංස්කෘතිය නිසි ලෙස ස්ථානගත කිරීම
3. රාජ්‍ය සංස්කෘතික ආයතන හා යටිතලව්‍යුහ ප්‍රතිසංස්කරණ
මෙරට ජනතාවගේ සංස්කෘතික ශක්තීන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා රාජ්‍ය සංස්කෘතික ආයතන පුනරීක්ෂණය කිරීම හා පරිවර්තනය කිරීම.
4. කලාත්මක නිදහස
මෙය පරම හා මූලික අයිතිවාසිකමක් ලෙස සහතික කිරීම
5. සංස්කෘතික අරමුදල් හා හැකියාවන්.
කලා හා සංස්කෘතික කටයුතු උදෙසා අරමුදල් රැස්කිරීම ක්‍රමවත් හා වැදගත් කොට සලකන මූලධර්මයන්ට හා භාවිතාවන්ට කැපවීම.
6. කලා අධ්‍යාපනය
කලා අධ්‍යාපනය සඳහා පර්යේෂණ කිරීම සහ ඒ සඳහා ආයෝජනය.
7. කලාව හා සංස්කෘතිය තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය / සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රික අඩවිය
ශ්‍රී ලංකාවේ හා ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ ජාත්‍යන්තර සංස්කෘතික ප්‍රතිරූපය, භූමිකාව හා හිමි ස්ථානය පරිවර්තනය කිරීම, ශක්තිමත් කිරීම හා ආයෝජනය.
8. සාම්ප්‍රදායික කලා හා ශිල්ප කළමනාකරණය
කලාව හා සංස්කෘතික සංරක්ෂණය කිරීම රජයේ වැදගත් හා වෙනමම වගකීමක් ලෙස හඳුනාගැනීම
9. කලා හා සංස්කෘතික විශිෂ්ටතම භාවිතා.
කලාව හා සංස්කෘතිය අරබයා ‘විශිෂ්ටතම භාවිතා’ යනුවෙන් සංකල්පයක් හඳුන්වා දී, ඒවායේ භාවිතා හා සංවර්ධනය සඳහා ආයෝජනය. යනාදී වශයෙනි
ඉහත කී සෑම මුඛ්‍ය තේමාවක්ම යටතේ යෝජිත නිර්දේශ මෙම කෙටුම්පත විස්තරාත්මකව දක්වයි.

මෙම කෙටුම්පත සම්පාදනය කරන ලද්දේ පහත සඳහන් මඩුල්ල විසිනි .
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
පරාක්‍රම නිරිඇල්ල
ලූෂන් බුලත්සිංහල
රුවන්ති ද චිකේරා
එම්. සෆීර්
හසිනි හපුතන්ත්‍රී

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!