ජාතිවාදයට මුවාවී විල්පත්තුවේ කෙරෙන විනාශය නතර කරන්න-බොදු බලය

විල්පත්තු වනයේ සිදුවන කැළෑ විනාශය සොයා බැලීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්ව තිබීම බොදු බල සේනාවේ ඇගයීමට ලක්ව ඇත.

ජනාධිපතිවරයා විසින්, විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට නියෝග කිරීම පිළිබඳව ප්‍රසංශා කරමින් බොදු බල සේනා සංවිධානයේ විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා නිවේදනයක් නිකුත්කර තිබේ.

Dilantha-Withanage

 

 

 

 

 

එම නිවේදනය පහත පළවේ.
2015 මැයි 9

මෛත්‍රීපාල සිරිසේන මහතා,
ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ .

ගරු ජනාධිපතිතුමනි,

මාතෘකාව : විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දීම

විල්පත්තු වන උද්‍යානය අශ්‍රිතව කැලෑ හෙළි කිරීම හා ඉදි කිරීම ගැන වහාම සොයා බලන ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයාට ජනාධිපතිවරයා වශයෙන් ඔබ විසින් උපදෙස් ලබා දීම බොදු බල සේනාවේ පැසසුමට ලක් වෙන බව ප්‍රකාශ කරමු.

2014 මාර්තු මස 20 වන දින මාධ්‍ය මගින් මේ කරුණ පිලිබඳ මුලින්ම බොදු බල සේනා විසින් කරුණු හෙලිදරුව් කරනු ලැබූ අතර මේ පිලිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද නිල වශයෙන් පැමිණිලි කරන ලදී. කෙසේ වුවද කිසිදු පියවරක් ගනු නොලැබුණි. මෙහිදී පරිසරයට අමතරව වෙනත් අංශ වලටද බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ පිලිබඳ පරීක්ෂා කරන ලෙස විවිධ පාර්ශව වලින් අප විසින් ලිඛිතව ඉල්ලා සිටිනු ලැබිණ ඒ කිසිදු පියවරක් නොගත් අතර එය හුදෙක් ජාතිවාදී ගැටුමක් ලෙස හුවා දැක්වීමට අදාළ පාර්ශව විසින් කටයුතු කරන ලදී.

මේ තත්වය තුල 2015 මාර්තු මස 31 ඔබ වෙත මේ කරුණ පිලිබඳ ව ඔබ වෙත ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කරන ලදී.

අනතුරුව මෙම ජාතික වශයෙන් වැදගත් කරුණ සම්බන්ධයෙන් ජාතිවාදී ස්වරුපයක් ඇති කිරීමට ඔබගේ රජයේ ඇමතිවරයකු උත්සහා ගැනීම නිසා මේ පිළිබඳව 2015 මැයි මස 8 වන දින විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඒ සඳහා ඔබගේ මැදිහත් වීම අවධාරණය කරන ලදී.

මෙහිදී කරුණු කිහිපයක් ඔබගේ අවධානයට යොමු කරමු.

· විල්පත්තුව, මඩු ප්‍රදේශයට අමතරව රට පුරා පසුගිය කාලයේ මෙන්ම අද ද සිදු වන වන විනාශයන් පිලිබඳ සොයා බැලීම.
· වන විනාශයට අමතරව නිවාස ඉදි කිරීම් හා පදිංචි කිරීම් පිළිබඳව මතු වී ඇති අප විසින් පහත ලේඛන වල මතු කර ඇති කරුණු පිලිබඳ සොයා බැලීම

විල්පත්තුව ආශ්‍රිත ව ගොඩනැගෙන ජන විරෝධය තාවකාලිකව සමනය කිරීමට ගනු ලැබූ උපාය මාර්ගික ක්‍රියාදාමයක් නොවී සැබෑ ලෙස සත්‍ය සොයා වැරදි කරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට උත්සහා ගනු ඇති බව ජනතාවගේ විශ්වාසයයි.

මේ පිලිබඳ ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහය ලබා දීමට බොදු බල සේනා සුදානම් බව වැඩි දුරටත් දැනුම් දෙමු. මේ පිලිබඳ වැදගත් විය හැකි ලිපි හා තොරතුරු කිහිපයක් මේ සමග යොමු කරමු.
ස්තුතියි,

තෙරුවන් සරණයි.

 

කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා

 

 

 

 

 

[vsw id=”/y40A1Hlg694″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.