ජාති, ආගම් ගැන වෛරීය ප්‍රකාශනවලට ඉඩ නොදෙන්න – යුරෝපා හවුලෙන් ලංකාවට අවවාද

ජාති අතර හෝ ආගම් අතර සංහිදියාවට හානි වන අන්දමේ වෛරී ප්‍රකාශ සිදුකරනු ලබන අය සම්බන්ධයෙන් තරයේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා හවුල ශ්‍රී ලංකා රජයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම යටතේ ක්‍රියාත්මක වන පාලනය, නීතිය හා මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරී කමිටුවේ තුන් වන සැසියේදී මේ බව පවසා තිබේ.

එම සැසියේදී 2017 මැයි මාසයේ ලංකාවට ලබාදුන් GSP+සහනය පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර මෙම ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශන සම්බන්ධ කතා බහ එහිදී මතුව ඇත.  ශ්‍රී ලංකා රජය මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වර්ධනනයක් පෙන්වන බව යුරෝපා සංගමය ප්‍රසාදය ලංකාවට හිමිව තිබේ.

අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයේ කටයුුතු ආරම්භ කිරීම, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම හා වද හිංසාවට එරෙහි සම්මුතිය සඳහා විකල්ප කෙටුම්පතක් සැකසීම ආදිය මෙසේ යුාරෝපීය කොමිසමේ ඇගයීමට ලක්වී ඇති කරුණු අතර වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.