ජාලිය වික්‍රමසූරිය බේරන්න ගිහින් බිරිඳ සහ සහෝදරිය කරදරයක පැටලේ!

Lowඅධිකරණ අවසරයක් මත විදෙස් ගත වූ, ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට, විදෙස් ගත වන අවස්ථාවේදී ඇප ලබා දුන් ඔහුගේ බිරිඳ සහ සහෝදරියට ඊයේ (24) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විවෘත වරේන්තු නිකුත් කලේය.

මාස දෙකක කාලයක් සඳහා විදෙස් ගත වූ සැකකරු නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුනු ජාලිය වික්‍රමසූරිය පසුවදා ඇප මත මුදා හැර තිබුනේ විදේශ ගත වීම තහනම් කරමිනි. පසුව ඇසේ පවතින රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට 2017 වසරේ අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එයින් ලැබුණු අවසරය මත විදේශ ගත විය.

2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.