ජිනීවා ඉල්ලන වෙනස රට ඇතුලෙන්-සුනන්ද දේශප්‍රිය

 

 

imageunhcccrමාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි.

 

එසේ නමුත් පසුගිය තෙවසර පුරාම මාර්තු මාසය ශ්‍රී ලංකාන්ඩුවට ජිනීවා කෙරෙන් ගෙන ආවේ එවැනි සුභපැතුම් නොවේ. යුද්ධ කාලීන භයංකරත්වයේ දෝංකාරය යි. යුද සමයේ 2010 වසරෙහි  දී එම දෝංකාරයන් නැඟුනේ යුද සමයෙහි කෙළෙසුන මානව හිමිකම් පිළිබඳ මෟදු සිහි කැඳවීමක් ලෙස ය. ශ්‍රී ලංකාන්ඩුව මානව හිමිකම් කවුන්සිලයේ දී නැඟුනු එම විවේනයන්ට දැක් වූ ප්‍රතිචාරය වුයේ ප්‍රතික්ෂේප කිරීම සහ නැසු කන්ව සිටිම යි. එහි විපාකය වූයේ  පස් වසරක් ගිය තැන එනම් 2014 මාර්තුවේ දී යුද සමයෙහි සිදු වූ බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධයෙන්  අන්තර් ජාතික යුද අපරාධ පරීක්ෂණයක් කළ යුතු බවට මානව හිමිකම් කවුන්සිලය යෝජනා සම්මත කිරීම ය.

 

 

images (8unhcccre

 

 යෝජනා තුනම සම්මත විය

ඇමෙරිකානු ආන්ඩුවේ මූලිකත්වයෙන්  2012, 2013 සහ 2104 වර්ශයන්හිදී ශ්‍රී ලංකාවේ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනා තුනම සම්මත විය. 2012 යෝජනාව මගින් ශ්‍රී ලංකාන්ඩුවෙන් ඉල්ලා සිටියේ උගත් පාඩම් සහ සංහිදියා කොමිසමේ සාධනීය නිර්දේශ ක්‍රියාත්මක කරන  ලෙස සහ එමගින් ආවරණය නොවූ යුද සමයේ සිදුවූ බවට කියැවෙන බරපතල මානව හිමිකම් කෙලෙසීම් පිළිබඳ විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙස ය.

images unhccr

 බරපතල චෝදනා

අද තත්වය සහමුලින්ම වෙනස් ය. එලඹෙන මාර්තු මාසයෙහි මානව  හිමිකම් කවුන්සිලයේ 28වන සැසිවාරය රැස් වෙයි. මාර්තු 26 හෝ 27 දා ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මගින් පවත්වන ලද පරීක්ෂනයේ වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම වාර්තාව කොතරම් විශ්වසනීය එකක් වනු ඇත්දැයි තවම කීමට නොහැකි මුත් ශ්‍රී  ලංකා ආන්ඩුවේ සහ හමුදා  ප්‍රධානීන්ට එරෙහිව බරපතල චෝදනා එහි ඇතුළත් විය හැකි බවට විශ්වාස කෙරේ. එමෙන්ම එල්ටීටීඊ සංවිධානයට ද එවැනිම උග්‍ර යුද අපරාධ චෝදනා එල්ල වනු ඇත.

 

එමෙන්ම අද ශ්‍රී ලංකාවේ තත්වය ද වෙනස් ය. රාජපක්ෂවරු බලයේ නැත. ප්‍රජාතන්ත්‍රීය දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ජන වරමක් ලද අලුත් ආන්ඩුවක් බලයේ සිටී. පොරොන්දු ප්‍රකාර ප්‍රධාන දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට යමින් තිබේ. එමෙන්ම අලුත් ආන්ඩුව මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවටත් ස්වාධීන දේශීය පරීක්ෂණයක් කිරීමට තමන් සූදානම් බවටත් ප්‍රකාශ කොට තිබේ. 2014 මාර්තු මාසයෙහි සම්මත කරන ලද යෝජනාව මගින්ද එවැනි දේශීය පරීක්ෂනයක් පවත්වන සේ ඉල්ලා තිබුණී.

 

 

downloadunhcr

 

  නව දේශපාලන තත්වය

මෙම නව දේශපාලන තත්වය විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ  ශ්‍රී ලංකා අවධානය වෙනස් වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීම ලබන සැප්තැම්බර් මාසය දක්වා කල් දමන ලෙස ලංකාන්ඩුව ඉල්ලා ඇති බව දැන් ප්‍රසිද්ධ කරුණකි. එයට හේතුව වශයෙන් ආන්ඩුව දක්වන්නේ ලබන ජූනි මාසයට නියමිත සහා මැතිවරණයට පෙර   යුද සමයෙහි වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට නොහැකි බව ය. තවද යුද අපරාධ පිළිබඳ වාර්තාව විසින් රාජපක්ෂවරුන්ට සහ යුද ප්‍රධානීන්ට එරෙහිව බරපතල චෝදනා එල්ල වුව හොත් එලඹෙන මහා මැතිවරණයේ  ප්‍රධාන දේශපාලන සාකච්ජාව බවට  එය පත් වී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සාකච්ජාව යටපත් වනු ඇති බවත් ය.

 

images unhccr

 

 ඇමෙරිකානු නියෝජිතවරිය වූ නිශා බිශ්වාල් එකඟ නොවීම 

ශ්‍රී ලංකාව සම්බන්ධ පසුගිය යෝජනා තුනම ඉදිරියට ගෙන ආ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාන්ඩුවේ එකී ඉල්ලීමට සහාය දක්වන බව පසුගිය 09 දින උතුරු පළාත් මහ ඇමැති විග්නේශවරන් කළ කතාවෙන් ද පැහැදිළි වෙයි. ඔහු කණස්සල්ලෙන් පවසන්නේ යුද අපරාධ යෝජනාව මාර්තු මාසයේ දී ඉදිරිපත් කළ යුතු බවට තමන් එනම් දෙමළ සන්ධානය කළ යෝජනාවට ඇමෙරිකානු නියෝජිතවරිය වූ නිශා බිශ්වාල් එකඟ නොවූ බවයි.

ජිනීවාහි මානව හිමිකම් සංවිධාන වෙනත් අදහසක් ද දරන බව පෙනේ. එනම් මෙම අවස්ථාවෙහි  යුද අපරාධ වාර්තාව ඉදිරිපත් කළ ද එය ලත් තැනම ලොප් වී යන්නට ඉඩ ඇති බවයි. ඊට හේතුව නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන අරමුණූ කරගත් වත්මන් ලංකාන්ඩුවට එරෙහිව යෝජනාවක් ගෙන ඒම හෝ සම්මත කර ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇති නිසා ය. දැනටමත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විඩාවට පත්ව සිටින මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් මෙම නව දේශපාලන තත්වය යටතේ ශ්‍රී ලංකාවට කාලය ලබා දීමට හොදටම ඉඩ තිබේ.

 ශ්‍රී ලංකාව  නොවැදගත් බවට පත් වීම

අද පවතින ලෝක දේශපාලන අර්බූද හමුවෙහි ශ්‍රී ලංකාව ක්‍රමයෙන් නොවැදගත් බවට පත් වීම ද වැළැක්විය නොහැක. යුරෝපා සංගමයේ ප්‍රධන අවධානය යුක්රේනයේ ගැටුම සහ යුරෝපා මුස්ලිම්වරුන් අතරින් නැගී එන අන්තවාදී රණකාමිත්වය යි. යුරෝපා පාර්ලිමේන්තුවෙහි ඇති නව බල තුලනය විසින් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ස්ථාවරයක් ගැනීම අවහිර කැරෙනු ඇති බව කියැවේ. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනය හරහා පුටින් සමඟ ඇති ගැටුමට මෙන්ම මැදපෙරදිග නැගී එන බියකරු අයිසිස් ත්‍රස්තවාදයට මුහුණ දෙයි. එවැනි වාතාවරණයක් යටතේ වෙනසක් අපේක්ෂා කළ හැකි ශ්‍රී ලංකාවේ අලුත් ආන්ඩුව කෙරෙහි මෘදු  ආකල්පයක් ගැනීමට මානව හිමිකම් කවුන්සිලය තීරණය කළහොත් එය පුදුමයට කරුණක් නොවිය යුතු ය.

imagunhcrty

 

 

 

 බුරුමය පූර්වාදර්ශය 

මෙහිලා පූර්වාදර්ශයක් වශයෙන් ගත හැකි තවත් ආසියානු රටත් වෙයි. එනම් බුරුමය නොහොත් මියන්මාරය යි. මියන්මාර පාලකයින් විපක්ෂ නායිකා අවුං සාං සු කී නිදහස් කොට සීමා සහිත දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කළ වහාම එරට‍, මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයෙහි සාමාන්‍ය දෙයක් බවට පත් විය. මියන්මාරයේ තත්වය ගැන පැවැති නොනිල සාකච්ජාවන්හිදී කැනඩාව වැනි රටවල් තදින්ම කියා සිටියේ වෙනසක් සිදුව ඇති බැවින් තවදුරටත් මානව හිමිකම් කවුන්සිලය එරට සම්බන්ධයෙන් මැදිහත් නොවිය යුතු බවයි.

 

ඇමෙරිකා එක්සත් ජනපදය මූලිකත්වය නොගත්තේ නම් සහ ඉන්දියාව ඊට විරුද්ධ වූයේ නම් පසුගිය වර්ශයන්හිදී  වුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලයේ මැදිහත්වීම එම මට්ටමින් සිදු නොවන්නට තිබුණි.  2008 – 2009 වර්ශයන්හිදී  දෙමළ ඩයස්පොරාවේ දැවැන්ත උද්ඝෝෂන සහ අන්තර් ජාතික මානව හිමිකම් සංවිධානයන්හි අති ප්‍රබල ක්‍රියාකාරිත්වයන් තිබියදීත් මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිහඩව සිටියේ ප්‍රධාන කොටම එම දෙරට දැක් වූ ආකල්පය නිසා ය. එල්ටිටීඊ ය පරාජය වනු දැකීම ලොව ප්‍රබල රටවල කැමැත්ත බවට පත්ව තිබුණි.

 

ඇමෙරිකාවෙහි ප්‍රධාන පෙළේ පුවත්පතක් වන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත පසුගිය 10 දා අලුත් ආන්ඩුව පසසා කතුවැකියක් ලියමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධ යුද අපරාධ වාර්තාව කල් තබන්නේ නම් එය ඉතා කෙටි කාලයකට පමණක් විය යුතු බවයි. එමගින්  කතුවැකිය නොකියා කියා සිටින්නේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් තැබිය යුතු බවයි.

 

ඇත්ත වශයෙන්ම නම් වාර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බරය දක්වා කල් තැබීමෙන් වෙන අවැඩක් නැත. මෙම අවස්ථාවෙහි වාර්තාව ඉදිරිපත් වුව හොත් ලංකාන්ඩුවට කාලය ලබා දීමේ තර්කය උඩ එය හමස් පෙට්ටියට යෑම වැලැක්විය නොහැක. වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස හෝ යෝජනාවක් ඉදිරිපත් වීමට ඇති ඉඩ බොහෝ අඩු ය.  ඉන් දේශපාලන වාසියක් වනු ඇත්තේ රාජපක්ෂවාදීන්ට පමණ ය.

 

සැප්තැම්බරය වන විට තත්වය වෙනස් වී තිබෙනු ඇත්තේ යුද්ධ කාලීන වගවීම සම්බන්ධයෙන් සිය කැපවීම ප්‍රායෝගිකව පෙන්නුම් කිරීමට අලුත් ආන්ඩුව ඒ වන විට  සමත් වී තිබිය යුතු නිසා ය. එසේ නොවී අලුතින් පත්වන ආන්ඩුව ද වගවීම සම්බන්ධයෙන් රාජපක්ෂ මාර්ගයම තෝරා ගතහොත් ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව නව ගැම්මකින් පෙරට ගෙන යාමට අවස්ථාව සැළසෙනු ඇත.

කල් දැමීමෙන් වන අවැඩ

එසේ නමුත් මෙම මාර්තු සැසිවාරයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දෙමළ ඩයස් පෝරාව, දෙමළ ජාතික සන්ධානය සහ තවත් සිංහල සහ  දෙමළ සංවිධාන සහ පිරිස් කියා සිටිති. වාර්තාව ඉදිරිපත් කිරීම සැප්තැම්බරය දක්වා කල් දැමීමෙන් වන අවැඩ කුමක්දැයි එම කිසිවකු විසින් පෙන්වා දී නොමැත.

 

ඒ වෙනුවට මෙම අවස්ථාවෙහි අප ශ්‍රී ලංකාන්ඩුවෙන් වගවීම කෙරෙහි සිය කැපවීම පෙන්නුම් කැරෙන පියවර ගන්නා සේ ඉල්ලා සිටිය යුතු ය. අවම වශයෙන් දැනටමත් ආන්ඩුව සතු එහෙත් ප්‍රසිද්ධ ‍නොකරන ලද මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ වාර්තා ප්‍රසිද්ධියට පැමිණවීම, බලහත්කාර අතුරුදහන්වීම් පිළිබද එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩායමට, වධහිංසා පැමිණවීම පිළිබඳ සහ තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයිනට  ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු සොයා බැලීමට ආරාධනය කිරීම,  යනාදී  පියවරයන් ගැනීම මගින් මානව හිමිකම් කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කරන සේ අප ඉල්ලා සිටිය යුතු ය.

 

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වර්ධනයන් විසින් අපට මතක් කර දෙන මූලික දේශපාලන පාඩමක් තිබේ. එනම් වෙනස ඇති වන්නේ අභ්‍යන්තරයෙන් බවයි. ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ අරගලයේ ප්‍රධාන සටන් බිම මියන්මාරයේ සිදුවූවාක් මෙන්ම දැන්  රට තුලට මාරු වී තිබේ. මේ වනාහී අරගලයේ නව කාල පරිච්ජේදයක ආරම්භයකි.

Resolution to UNHCR, Change must start from within the country.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.