ජිප්සීස් සුනිල්ට බිරිඳගෙනුත් බලපෑම්

sunil-pereraහිතට එකඟව ඇඟට දැනෙන විදිහට කතා කල ජිප්සීස් නායක සුනිල් පෙරේරාට බිරිඳගෙනුත් බලපෑම් එල්ල වෙමින් තිබේ. පසුගියදා ජාඇලදී රාජපක්ෂවරුන්ගේ නම් ගම් එක්කොට ලූණු ඇඹුල් සහිතව සිඤ්ඤෝරේ ගීතය හරහා ඔවුන්ගෙ කෙරුවාව හෙලිදරව් කල අවස්ථාවේදී පුද්ගලයෙක් තම දබර ඇඟිල්ල සුනිල්ට දික්කොට ඇත. මේ පුවත සමාජ වෙබ් අඩවි තුල වාර්තා වුණේ ඔහු ප‍්‍රහාරයකට ලක්ව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා යනුවෙනි. ඇමරිකාවේදී ලොවේ සැමා ගීතය ගායනා කරද්දීත් පුද්ගලයෙක් ඔහුට තර්ජනය කර ඇත.

අභීතව අදහස් පල කරන සුනිල් පෙරේරා හට ගුටි කෑමේ පරිසරයක් ක‍්‍රමයෙන් නිර්මාණය වෙමින්  පවතිද්දී ඔහුගේ බිරිඳ කලබලයට පත්වීම අරුමයක් නොවේ. කලබලය හා බිරිඳ ගේ ප‍්‍රතිචාරය ගැන කතා කරන සුනිල්

“ඇය නම් මේ දේවල් වලට බයයි. දේශපාලනික දේවල් කතා කරන්න එපා කියලා ඇය මට කියන්නේ. මට කරදරයක් වුනොත් ඇයට කරදරයක් වෙයි කියන හැඟිම ඇයට ඇත්තේ ඔයාට කරදරයක් වුනොත් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා තමයි ඇය හිතනවා ඇත්තේ. ඒක ටිකක් ආත්මාර්ථකාමී
හැඟීමක් . අපේ නෝනා හරිම කැමතියි අනුර කුමාර දිසානයක කතා කරනවා අහන්න. හැබැයි අනුර කියන ඒවම මම කියනවට එයා කැමති නැහැ. මොකද අනුර කුමාරට කරදරයක් වුනාට අනුර එයාගෙ මහත්තයා නොවෙයි නේ. එහෙම හැඟීම් මගේ බිරිඳ ට තියෙනවා. මම හිතන්නේ ලංකාවෙ බහුතරයක් බිරියන් එහෙම තමයි. “

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.