ජිප්සී සුනිල් දේශපාලනීකරණය වෙන හැටි

 

 

 

මම අවුරුදු විසි දෙකකට පස්සෙ තමයි දේශපාලනය ගැන කතා කරන වේදිකාවකට නැග්ගෙ. ඒ වුණාට තිබුණු සිස්ටම් එක ගැන මම සෑහෙන්න කළකිරිලා හිටියෙ පහුගිය කාලේ. කවුරුහරි හිතන්න පුළුවන් සුනිල් අයියට තියෙන කරදරය මොකද්ද එච්චර කලකිරෙන්න කියලා. කිසීම කරදරයක් නැහැ. මුදල් අතින් ගත්තත් හැම දේම ඉතාම සුන්දරයි මට. එහෙනම් ඇයි කලකිරෙන්නෙ කියල අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි වැරැද්දට වැරැද්ද කියන්න බැරි නම් ඒ සමාජ ක‍්‍රමය මම අනුමත කරන්නෙ නැහැ. වැරැද්දට වැරැද්ද කියපුවාම ගහන්න එනවනම්, යම් කිසි කාර්යයක් සම්බන්ධව මම අර්ථකථනය කළාම මට යම්කිසි කරදරයක් පමුණුවන්න එනවනම්, ඒක හොඳ සමාජ ක‍්‍රමයක් නෙමෙයි. නමුත් මට කිසිම ප‍්‍රශ්ණයක් කරදරයක් නැහැ. මට මගේ දරුවෙකුව ඉස්කොලේ දාගන්න එක ප‍්‍රශ්ණයක් නෙමෙයි. එක දවසක් ඉස්කොලෙට ගිහිල්ලා මූණ පෙන්නන එක විතරයි තියෙන්නෙ. ඒ වුණාට අනිත් අයට එහෙම බැහැ. හරි අමාරුයි ඉස්කෝලෙකට දරුවෙක් දාගන්න. නමුත් මට එහෙම නැහැ. නමුත් ඒ ක‍්‍රමය වැරදියි. අනිත් අයට නැති වරප‍්‍රසාදයක් මට ලැබුණා කියන්නෙ ඒක වැරදියි. ඒ සංස්කෘතිය වැරදියි. මගේ දරුවා විතරක් නෙමෙයි ඉස්කොලෙ යන්න ඕනෙ. හැම දරුවෙක්ම ඉස්කොලෙ යන්න ඕනෙ. හැම දරුවෙක්ම ලස්සනට ඇඳලා යන්න ඕනෙ. හැම දරුවෙක්ම උදේට කාලා යන්න ඕනෙ. නමුත් මේ තමාට වරප‍්‍රසාද තියෙන එවුන්ට අනිත් එකා ගැන පේන්නෙ නැහැ . අපේ දරුවා කාළනෙ ඉන්නෙ, අපේ නෝනා හොඳට ඇඳලනෙ ඉන්නෙ. ඒකයි මේ සමාජ ක‍්‍රමයේ තිබෙන වැරැද්ද. ඒ නිසයි මම සමාජ ක‍්‍රමයත් එක්කයි තරහා.” යනුවෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා පවසයි. ඒ මහතා මෙ බව පවසන්නේ “ලංකා ඉරිදි සංග්‍රහය” පුවත්පතේ සන්දීපනී අතිරේකයේ සංවාදයකට එක් වෙමිනි. එය පහතින පළ වේ.

 

Image result for sunil perera gypsies

 

“ඔබ ගායනා කරන “…ඉස්සර මුතුන් මිත්තො කළ කී දේවල් ගැන පම්පෝරි ගහල වැඩක් නැහැ…” කියන ගීතය අවසන් වෙන්නෙ “.. කුහක සමාජයකට දෙවියන්ගෙ පිහිට නැහැ..” කියලා. ඇයි ඔබ මේ සමාජය කුහක සමාජයක් කියල අර්ථකථනය කරන්නෙ ?

 

ඔව් මේ සමාජය කුහක සමාජයක්. මොකද අපිට අපේ වැරදි පේන්නෙ නැහැ. අනිත් එවුන්ගෙ වැරදි බලන කොට්ඨාශයක් අපි. ලෝකෙට පෙන්නන්න හදන්නෙ අපි බොහොම ධර්මිෂ්ඨ පෝය දවසට නිවාඩු දීලා, බාර් වහලා අරක්කු බොන්නැති හරි පිරිසිදු බවක් පෙන්නන්න හදනවා. සම්පූර්ණයෙන්ම කැත දේවල්මයි ඔක්කොම කරන්නෙ. කුඩු සංස්කෘතිය මිනී මැරුම් වගේ දේවල් තිබෙන රටක මොකද්ද මේ කතාකරන ධර්මය. ධර්මයක් කියල දෙයක් ඇතිවෙන්නෙ නීතියක් තිබුණොත් විතරයි. එක එක්කෙනාට විශේෂයෙන් ලොකු උදවියට ඕන විදිහට නීතිය නමනකොට එතන ධර්මයක් නැහැ. ඒ නිසා මේ රටේ ධර්මයක් තිබෙනවා කියල පෙන්නන්න එපා. එහෙම ධර්මයක් තිබෙනවනම් හරි දේවල් කරන්න ඕනෙ. නීතියක් තිබෙනවනම් හැමෝටම එක විදිහටම නීතිය ක‍්‍රියාත්මක වෙන්න ඕනෙ. එහෙම වෙන්නැතිකොට සොබාධර්මයා විසින් දඬුවම් පමුණුවනවා. සොබාධර්මයා විසින් දඬුවම් පමුණුවන නිසා තමයි අපේ රටේ මේ තරම් අසහනයක් තියෙන්නෙ. දරුවො බෝට්ටුවලින් යන්න හදන්නෙ. දරුවන්ට ජීවත් වෙන්න බැහැ. කසාද බැඳලා දරුවෙක් හම්බවෙන්න ඉන්නකොට බයයි. කිරි පැකට් එකක් ගන්න පුළුවන් වෙයිද, සමහරු කසාද බඳින්නත් බයයි. ගෙයක් ගන්න පළුවන් වෙයිද, ඉන්න තැනක් හොයා ගන්න පළුවන් වෙයිද, ගෙයක් ගන්න ගියොත් ඒ මනුස්සයා හතරවරං ණය වෙන්න ඕන. නමුත්, මේ සමාජයේ බොහොම සුළු පිරිසකට ඒ වරප‍්‍රසාද තිබෙනවා. ඒ සුළු පිරිසෙ මමත් ඉන්නවා. ඒක මගේ වාසනාවට සංගීත දිවියෙන්ම මට ජීවත් වෙන්න මාර්ගයක් සැලසුනා. හැබැයි මම සහ අර කියපු සුළු පිරිස විතරක් නෙමෙයි රටක් කියන්නෙ. රටක් කියන්නෙ බහුතරය. බහුතරයට එදා වේල කන්න අමාරු නම්, බහුතරයට කසාද බැඳලා ජීවත් වෙන්න අමාරු නම්, බහුතරයට දරුවට පිටි පැකට් එක අරන් දෙන්න අමාරු නම්, ඒ රටේ කොහේ හරි වරදක් තියෙනවා. සමාජ ක‍්‍රමයේ වරදක් තිබෙනවා. ඒ නිසා බහුතරයට තියෙන්න ඕන ගෙයක්, බහුතරයට තියෙන්න ඕන රැකියාවක්, බහුතරයට ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න පුලුවන් වෙන්න ඕන, නමුත් බහුතරයට එහෙම නැහැ. එහෙම නැති නිසා එයාලා හැමදාම මන්ත‍්‍රී ගොල්ලන්ගෙ පස්සෙ යනවා විවිධ දේ කර ගැනීම සඳහා. හැමදේම දේශපාලනීකරණය වෙලා. අංජබජල්. එහෙම රටක් පෙන්නන්න හදනවා, මේ බුදුන් වහන්සේගෙන් හෝ බෝධිපූජාවලින් පින් ලැබෙයි කියලා. පිස්සුද එහෙම ලැබෙන්නෙ නැහැ. ඒ රටේ සිදුවන ක‍්‍රියා නිසා තමයි ඒ රටට දඬුවම් ලැබෙන්නෙ.. දැන් ජ්‍යෝතිෂය වගේ දේවලුත් විශ්වාස කරනවා අපේ මිනිස්සු. හැබැයි බෞද්ධ රටක්ලු. මා දකින්නෙ මේක හින්දු රටක් හැටියට. බුදුන් වහන්සේ ජ්‍යෝතිෂයක් පිළිබඳව දේශනා කළේ නැහැ. උන් වහන්සේ දේශනා කළේ, කරලා තිබෙන දේවල්වල හැටියට තමයි ප‍්‍රථිඵල ලැබෙන්නෙ කියලා. රටකටත් පිනක් තිබෙන්න ඕනි. මේ රටට පිනක් තිබුණා නම් අනිත් එවුන්ගෙන් ණය ගන්න ඕනෙ නැහැ. එහෙනම් හැමදාම අනුන්ගෙන් ඉල්ලන් කන්න ඕනෙ නැහැ. මේ රට අපි දන්න දවසේ ඉඳන් දියුණු වෙමින් පවතින රටක්. සාමාන්‍ය ජනතාවට නම් තාම උත්තරයක් ලැබිලා නැහැ. ඒ උදවියට හැමදාම කරදර. නීතිය උඩ ඉන්න උදවිය තමන්ට ඕන විදිහට හසුරවමින් ඉන්නවා. නීතිය කියන එක හැමෝටම එක සමානව තිබුණා නම් ඉබේම පිං පෑදෙනවා රටකට. එහෙම නැතුව මේ බෝධි පූජා කෙරුවැයි කියලා, බුදුන් වැන්දැයි කියලා, පෝය දවසට නිවාඩු දුන්නැයි කියලා, පිං පෑදෙන්නෙ නැහැ. මේවට ඉතින් වගකියන්න ඕනෙ ඉහළම තලයේ නිල දරණ උදවිය. ඒ නිසා  අසීමිත බලයක් කිසිම කෙනෙකුට ඕනෙ නැහැ. බලය තියෙන්න ඕනෙ මහජනතාවට. ජනතාවට පුළුවන් වෙන්න ඕනා, එන එන එකාව එළවන්න. වැරදි කරන ඕනම කෙනෙක්ව එතනින් අයින් කරන්න ජනතාවට පුළුවන් වෙන්න ඕන.

 

එවැනි දේශපාලන බලපෑමක් කිරීමට තරම් ජනතාව සබුද්ධිකයි කියල ඔබ විශ්වාස කරනවද ?

 

ජනතාවට බුද්ධිය තිබෙනවා. බුද්ධිය තිබුණාට ජනතාව කියන කොට්ඨාශය අසරණයි. අසරණ කම මත බුද්ධිය යටපත් වෙනවා. අසරණ කම මතුවෙනවා. ජනතාව අසරණ වෙන්න වෙන්න දේශපාලඥයාට ඔවුන්ව පාලනය කරගන්න ලේසියි.

 

 

යහපාලනය සහ වෙනස කරන්න වත්මන් පාලනයට හැකියාවක් ලැබේවි කියල ඔබ හිතනවද ?

 

බලාපොරොත්තු වෙනවා. නමුත් ඔය කියන විදිහට ඉක්මනට කරන්න නම් ඒකාධිපති විදිහට කරන්න වෙනවා. අරයාව ගත්තා හිරේ දැම්මා, මෙයාව ගත්තා හිරේ දැම්මා. එහෙම කරන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තියෙනවා අනුගමනය කරන්න. නමුත් පසුගිය පාලන සමයේ නම් එහෙම කෙරුවා. ඡන්දෙ ඉවරවුණු ගමන් සරත් ෆොන්සේකා මහත්තයා හිරේ. මහින්ද රාජපක්ෂට එහෙම වුණේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවනම් අද මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයා ඉන්නවද ?. ඒගොල්ලන්ට දැන් හිතට අමාරු ඇති. නමුත් ඒගොල්ලො කරපු දේවල් හරිද. ඒගොල්ලො කරපු දේවල් වැරදියි. තමාගේ තනි බලයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඇඟිලි ගහලා ඕනෙ එකාව අයින් කරනවා තමන්ගෙ එකාව දාගන්නවා. අගවිනිසුරු මොහාන් පීරිස්ලා වගේ මිනිස්සු ජනාධිපතිගෙ ගෙදර ඉන්නවා ඡන්දෙ වෙලාවෙ. කොහෙද උසාවියක් තියෙන්නෙ. අපි කොහෙටද යන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා. අර නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ කියල කතාවක් තියෙන්නෙ. අන්න ඒ වගේ තමයි. එතකොට මිනිස්සුන්ට යන්න තිබෙන උත්තරීතර තැනත්  දූෂිත වුණාම මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ. මිනිස්සුන්ට වෙන යන්න තැනක් නැහැ. මේ දේවල් ගැන ඉතින් හරිම කනගාටුයි. නමුත් මේ යහපාලනය කියන දේ මේ අය කරයි. හැබැයි ඉතින් ලේසි නැහැ.

 

අපිත් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න ඕනෙ. මේ ජනාධිපතිවරයාට පොඩි අවස්ථාවක් දෙන්න ඕනෙ. හැබැයි මේ කර්තව්‍යයේ තිබෙන වැදගත්ම දේ තමයි, ඉදිරියේදී යම් කිසි දේශපාලන වෙනසක් වෙයි කියල මා බලාපොරොත්තු වෙනවා. මොකවත් නිසා නෙමෙයි, මේ පැවැත්වුණු මැතිවරණයෙදි ජේ.වී.පී එක කරපු කාර්යභාර්ය ඉතාම ශ්‍රේෂ්ඨයි. එයාලා පොයින්ට් බයි පොයින්ට් ගෙනැල්ලා තමයි ඔක්කොම හෙළිදරවු කළේ. නමුත් ඒ විදිහට කතා කරන්න වෙන එකෙක්වත් හිටියෙ නැහැ. අනුර කුමාර දිසානායක තනියම තමයි සටන ගෙනිච්චෙ. අනුර කුමාරලා වගේ අය කතා කරනකොට මට ලැජ්ජයි. සමහර අය මගෙන් අහනවා එන්නෙ නැද්ද සුනිල් අයියෙ එන්නෙ නැද්ද කියලා. මම කිවුවා මට බැහැ අපේ නෝන බයයි කියලා. එතකොට අනුර කුමාරගෙත් නෝනා කෙනෙක් නැද්ද. එයාටත් දරුවො ඉන්නව නේද. ඒ මිනිස්සු  ජීවිතය පරදුවට තියලා කටයුතු කරනකොට මම හිතුවා මමත් යන්න ඕනෙ කියලා. එවැනි මිනිස්සු එහෙම කරපු නිසා තමයි මේ දේශපාලන වෙනස සිදු වුණේ. ඒ වගේ විශේෂ කර්තව්‍යයන් කරපු කිහිප පෙළක් හිටියා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී ස්ථානයක හිටියා.

 

අපි නැග්ගෙ පුරවැසි බලය කියලා සංවිධානයක වේදිකාවකට. ඒක ස්වාධීන සංවිධානයක්. මොකද මම දේශපාලන පක්ෂ වේදිකාවල නැගලා කතාකරන්න කැමති නැහැ. මම අවුරුදු විසි දෙකකට පස්සෙ තමයි දේශපාලනය ගැන කතා කරන වේදිකාවකට නැග්ගෙ. ඒ වුණාට තිබුණු සිස්ටම් එක ගැන මම සෑහෙන්න කළකිරිලා හිටියෙ පහුගිය කාලේ. කවුරුහරි හිතන්න පුළුවන් සුනිල් අයියට තියෙන කරදරය මොකද්ද එච්චර කලකිරෙන්න කියලා. කිසීම කරදරයක් නැහැ. මුදල් අතින් ගත්තත් හැම දේම ඉතාම සුන්දරයි මට. එහෙනම් ඇයි කලකිරෙන්නෙ කියල අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි වැරැද්දට වැරැද්ද කියන්න බැරි නම් ඒ සමාජ ක‍්‍රමය මම අනුමත කරන්නෙ නැහැ. වැරැද්දට වැරැද්ද කියපුවාම ගහන්න එනවනම්, යම් කිසි කාර්යයක් සම්බන්ධව මම අර්ථකථනය කළාම මට යම්කිසි කරදරයක් පමුණුවන්න එනවනම්, ඒක හොඳ සමාජ ක‍්‍රමයක් නෙමෙයි. නමුත් මට කිසිම ප‍්‍රශ්ණයක් කරදරයක් නැහැ. මට මගේ දරුවෙකුව ඉස්කොලේ දාගන්න එක ප‍්‍රශ්ණයක් නෙමෙයි. එක දවසක් ඉස්කොලෙට ගිහිල්ලා මූණ පෙන්නන එක විතරයි තියෙන්නෙ. ඒ වුණාට අනිත් අයට එහෙම බැහැ. හරි අමාරුයි ඉස්කෝලෙකට දරුවෙක් දාගන්න. නමුත් මට එහෙම නැහැ. නමුත් ඒ ක‍්‍රමය වැරදියි. අනිත් අයට නැති වරප‍්‍රසාදයක් මට ලැබුණා කියන්නෙ ඒක වැරදියි. ඒ සංස්කෘතිය වැරදියි. මගේ දරුවා විතරක් නෙමෙයි ඉස්කොලෙ යන්න ඕනෙ. හැම දරුවෙක්ම ඉස්කොලෙ යන්න ඕනෙ. හැම දරුවෙක්ම ලස්සනට ඇඳලා යන්න ඕනෙ. හැම දරුවෙක්ම උදේට කාලා යන්න ඕනෙ. නමුත් මේ තමාට වරප‍්‍රසාද තියෙන එවුන්ට අනිත් එකා ගැන පේන්නෙ නැහැ . අපේ දරුවා කාළනෙ ඉන්නෙ, අපේ නෝනා හොඳට ඇඳලනෙ ඉන්නෙ. ඒකයි මේ සමාජ ක‍්‍රමයේ තිබෙන වැරැද්ද. ඒ නිසයි මම සමාජ ක‍්‍රමයත් එක්කයි තරහා.

 

 

 

පසුගිය මැතිවරණ කාලයේ කලාකරුවන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධව සමාජයෙන් විවිධ විවේචනයන් එල්ල වුණා. මොකක්ද ඒකට හේතුව.?

 

සුනිල් පෙරේරා කියන්නේ මේ රටේ පුරවැසියෙක් විතරයි. ගායකයෙක් කියලා විශේෂත්වයක් නැහැ, නළුවෙක් කියලා විශේෂත්වයක් නැහැ. හැමෝම ඉන්නෙ පුරවැසියෝ.  මොකටද නළුවෙකුට නිළියකට විශේෂ වරප‍්‍රසාද. එහෙම ඕන නැහැ. ජනාධිපති ළඟට යනවා. ඒ අසරණතාවය හින්දා වෙන්න ඇති. ගිහිල්ලා ජනාධිපති මොනවා හරි දුන්නාම කියනවා අපි මෙයාට ඡන්දෙ දෙනව කියලා. ඒ තරමටම හන්චිපයිස්ද අපේ නළුවො නිළියෝ. එතකොට අරගත්තත් කමක් නැහැ. උඹලා ඒ තරම්ම අසරණ නම්. අරගෙන අඩුගානෙ කටවහගෙන ඉඳපල්ලා. කඩේ යන්නෙ නැතුව. අපිට උදවු කරපු නිසා අමතක කරන්න බැහැලු. ඒ කියන්නෙ උඹලට උදවු කරපු නිසාද මේ කියන්නෙ ඡන්දෙ දෙන්න කියන්නෙ. හරි ෂෝක් තර්කයක්නෙ ඒක. වරප‍්‍රසාද ගන්නයි ඔය ඔක්කොම එවුන් දඟලන්නෙ. ජීවිතේ ගැටගහගන්න බැරුව. නමුත් තාම ඉන්නවා කලාකරුවො පිරිසක්. අන්න ඒ පිරිස ශ්‍රේෂ්ඨයි. මං වගේ ස්ථාවරයක නැති කලාකරුවො ඕන තරම් ඉන්නවා. ඒත් යන්නෙ නැහැ. කොච්චර නැති වුණත් යන්නෙ නැහැ. ගන්නෙත් නැහැ. මේක එහෙම නෙමෙයි මොකක් හරි කාර් එකක් දීපුවාම, මෙයාට තමයි අපි දෙන්නෙ කියනවා. ලැජ්ජ නැද්ද  ඕයි. අරගෙන සද්ද නැතුව ගෙදරට වෙලා ඉඳපන්. මේක එහෙම නෙමෙයි. තමාට, තමාගෙ දරුවට යමක් කරලා දීලා තියෙනවනම් අනිත් අයටත් කියනවා ඒකට ඡන්දෙ දෙන්න කියලා. එවැනි තත්වයකට පිරිහිලා. ගන්න දෙයක් නැහැ. අදටත් එහෙම යන තත්වෙකට මම වැටුනෙ නැහැ. මට එහෙම කරදරයක් නැහැ. නමුත් මේ ක‍්‍රමයට මම විරුද්ධයි.

[vsw id=”/UEbFixv2WTo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ජිප්සීස් වසර හතලිස් පහක සංගීත දිවිය ගැන ඔබට මොකද හිතෙන්නෙ ?

 

ඉතාමත් තෘප්තිමත්. මොකක් හරි වාසනාවක් මත මට මේ දේවල් ලැබෙන්න ඇති.

 

ප‍්‍රවීණයෙක් විදිහට  නවක පරපුරේ ගීත නිර්මාණ පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

 

සංගීත ක්ෂේත‍්‍රයේ කාලෙන් කාලෙට අලුත් දේවල් එනවා. විලාසිතාවක් වගේ. අපිට එකපාරම එන දේවල් හැමදේම බැහැර කරන්න බැහැ. යම් කිසි කාලයක් ඉන්න ලැබුණා නම් යම් කිසි පිරිසක් විසින් ඒක අනුමත කරලා ඇති. ඉස්සරට වැඩිය හැමදේම වෙනස්. වෙනස් වුණයි කියලා ඒක හොඳ නැහැ කියලා කියන්න බැහැ. තරුණ ළමයි කොච්චර දක්ෂ ළමයි ඉන්නවද. අපේ කාලයේ ආපු අයට වඩා දක්ෂ ළමයි අද ඉන්නවා. ඒ තරුණ ළමයිට කාලය දෙන්න. ඒගොල්ලන්ට පුළුවන්. තරුණ ළමයි මම කරපු දේවල් හෝ පැරණි ප‍්‍රවීණයන් කරපු දේවල් කරන්න ඕනි කියලා එකක් නැහැ. එයාලා කැමති දේවල් කරන්න ඉඩ දෙන්න.

 

 

එළඹෙන දාහතරවෙනිදා ඔබ ගල්කිස්ස වෙරළේ පැවැත්වෙන ආදරයේ ගී ප‍්‍රසංගයට සහභාගී වෙනව නේද ?

 

ඔව් දාහතර වෙනිදා මට ආරාධනයක් කර තිබෙනවා. මට එන්න අපහසුයි. මොකද මට එන්න වෙන්නෙ හලාවත ඉඳන්. ඇවිත් ආපහු යන්නත් ඕන. නමුත් මම කොහොමහරි එනවා. මම එහෙම එන්නෙ මට විශේෂ පැහැදීමක් තිබෙනවා ජේවීපී එක ගැන. ඒගොල්ලන් නැත්නම් ගොඩක් දේවල් වැහිල යනවා. ජේවීපී එක නිසා තමයි මේගොල්ලෝ මේ බය. ජේවීපී එක ඔක්කොම හාරඅවුස්සනවා. එහෙම තමයි විය යුත්තේ. අනිත් කාරණය තමයි එයාලගේ දර්ශනය තමයි සියළු ආගම් එකමුතු විය යුතුයි. සියළු මනුස්ස කොට්ඨාශයන් එකමුතු විය යුතුයි. කිසි වර්ගීකරණයක් නැහැ. මගේ දර්ශනයත් ඒකයි. ඔක්කොම මිනිස්සු. අපි මිනිසුන් හැටියට ජීවත් විය යුතුයි.”

Gypsies Sunil prefers JVP.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.