ජී එල් ගේ කණ්නාඩිය දයාසිරිට මතක් වේ

G. L. Peirisපොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදානොගැනීම ගැන තමා කනගාටුවන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

මහාචාර්යතුමා කණ්ණාඩි පැළැඳ සිටින අලංකාර ඡායාරූපයක් ප්‍රචාරණ කටයුතුවලට යොදා ගත්තේනම් ඡන්දදායකයින්ට එය වැදගත් වනු ඇතැයි ඇමැතිවරයා කීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හෙතෙම ඒ අදහස් පළ කළේය.

ප්‍රශ්නය:- දයාසිරි ඇමැතිතුමනි, ඔබ තුමාගේ ගුරුතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා. එතුමාගේ පක්‍ෂයට වෙනත් නායකයන්ගේ ඡන්දය යොදා ගැනීම ගැන අදහස මෙකක්ද?

දයාසිරි ජයසේකර මහතා

අපටත් තියෙන කනගාටුව ඒකම තමයි. බලන්න කොච්චර ලස්සනද කණ්ණාඩි දෙකක් දාලා මහාචාර්යතුමා ඉන්න ලස්සන පින්තූරයක් දැම්මානම් කොච්චර හොඳද?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.