ජී එල් රනිල් ගෙන් කන පුරා අසා ගනී

 

 

විධායක ජනාධිපති ක්‍රමය ‘අහෝසි කරන‘ බවට මීට පෙර පෙනී සිටි  ජී එල් පීරිස්  හිටපු ඇමතිවරයා  විකාර සහගත යෝජනා ගෙනෙමින් ආණ්ඩු  ක්‍රම සංසෝධන ක්‍රියාවලිය අදාල කිරීමේ වැඩ පිළිවෙලක නිරත ව සිටින බව වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පවා අනුමැතිය දී තිබෙන වගන්ති පවා වෙනස් කෙරෙන මෙම විකාර රූපී සංශෝධන ගෙන ආ විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට දහවල් 12.30 ට පමණ  පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් කැඳවූ අතර ඊට සහභාගී වූ පක්ෂ නායකයෙකුද නොවන ජී.එල්.පීරිස්  අපූරු සංශෝධනයක් ගෙන ආවේය. එනම් ජනාධිපතිවරයා නොමැති විට වැඩ බැලීම පිලිබඳව ය. මෙහිදී පළමුවෙන් තිබුනේ ‘ජනාධිපතිවරයා නොමැති විටෙක පාර්ලිමේන්තුවේ කථානායකවරයා හෝ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වැඩ බැලිය යුතුයි‘ යනුවෙනි. ශ්‍රීලනිපය  විසින් එය වෙනස් කරමින් ‘නෑ අගමැතිවරයා වැඩ බැලිය යුතුය‘ යනුවෙන් සංශෝධනයක් ගෙන ආවේය. ආණ්ඩුව ඊට එකඟ විය. නමුත් අද ජී.එල්.පීරිස්  යලිත් ‘කතානායක වරයා විසින් වැඩ බැලිය යුතුය‘ කියා සංශෝධනයක් ගෙන ආවේය. මෙයින් සාමාන්‍යයෙන් කෝප නොගන්නා අගමැති රනිල් වික්‍රමසිංහ කෝප වූ අතර “මේක විහිළුවක් කර ගන්න එපා. තමන් ඊයේ එක සංශෝධනයක් ගේනවා. අපි ඒකට එකඟ වුනාම අද යලිත් පෙර එකම ගේනවා“ යයි බැන වැදුනු අතර ජී.එල්. පීරිස් නිහඬ විය.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.