ජෙනරාල් තුං මං හන්දියේ

 

 

sssss

 

ෆොන්සේකා මහතාට යලි පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වීමට සුදානම්ව සිටියද, ඔහුට ඉල්ලා අස්  නොවන්නැයි එජාප ඇමතිවරයකු බලපෑම් කිරීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා මේදිනවල එජාප සමග කිසියම් අමනාපයකින් පසුවන බවද වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වී පාර්ලිමේන්තු  ආසනය ෆොන්සේකා මහතාට ලබාදීමට නීතිමය බාධාවක් නැති නමුත් මේ දිනවල කැටගොඩ මහතා  ෆොන්සේකා මහතා මග හරිමින් සිටී. මේ හේතුවෙන් මේ පාර්ලිමෙන්තුවට ඇතුල්වීමට තමන්ට හදිසියක් නැති බව ෆොන්සේකා මහතාට කියා සිටීමට සිදුවී වී තිබේ.

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ට සංධානයේ නායකත්වයෙන් ආරාධනයක් ලැබී තිබේ.

ඒ අනුව මහ මැතිවරණයට තනිවම තරඟ  කරන්නේ ද? නැතහොත් එජාපය සමග සන්ධාන ගතව තරඟ  කරන්නේද ? එසේත් නැතහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරඟ  කරන්නේ ද? යන්න තීරණය කිරීමට ළඟදීම පක්ෂයේ නායකයින් රැස්වීමට නියමිතය.

ෆොන්සේකා මහතා කර ආකාරයකින් බලයට පැමිණියත් ආරක්ෂක අංශ වල දැනෙන බලපෑමක් කිරීමට ඉඩ ඇති හෙයින් ඔහුව හැකිතාක් කාලයක් බල  රහිතව තබා ඔහුව කලකිරීමකට පත් කොට ඔහුව දේශපාලනයෙන් පිටමං කල හැකිදැයි හොයා බලන පිරිසක් සිටින බවක් පෙනෙන්ට තිබේ.

කල් යල් බලන උපක්‍රමයකට

අනෙක් අතට ෆොන්සේකා මහතාද යම්කිසි අතරමංවීමකට ලක්වී ඇති බක් පෙනේ.ජනාධිපතිවරන සමයේදී රාජපක්ෂ පිළ ඔහුව ඕනෑම කොන්දේසියකට යටත්ව එක කර ගැනීමට සුදානම් වූ අතර පොදු අපේක්ෂක පිළට ඔහුගෙන් ලැබුණු සංකේතාත්මක දායකත්වය ප්‍රබලය.එහෙත් ජනාධිපතිවරනයෙන් පසුව ඒ කේවලකාරී  බලය දියවී ගොසිනි.ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය මෙන් දේශපාලනිකව තමන්ටම අන්‍යන්ය වූ යමක්  කීම දුෂ්කරය.යහපාලනය ජනාධිපතිතුමන් අතය.ආර්ථික සංවර්ධනය අගමැති අතය.ඉතිරිව තිබෙන්නේ සංහිඳියාව පමණි. ඊට අත ගැසීම ගින්දර සමග සෙල්ලම් කොට අත පුච්චා ගැනීමක් විය හැකිය.ඒ හෙයින් මේ මොහොතේ ජනරාල්ට හරි යන සටන්  වැකි හිඟය.මේ නිසා දේශපාලන පෙරමුණක් ගොඩනග ගැනීම දුෂ්කරය.

අනෙක් අතට කෙළින්ම බලය පරිහරණය කරන තැනකට පැමිණීම අසීරුය.මෙහෙයින් අනුග්‍රහකයින් හොයා ගැනීම දුෂ්කර වන ඇත.එහෙයින් දැන් කලා හැක හොඳම දේ කල් යල් බලන උපක්‍රමයකට මාරු වීමයි

 

 

General Sarath Fonska at the cross roads.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.