ජොන්ස්ටන් සහ හිටපු සභාපති 11 තෙක් රිමාන්ඩ්

 

 

 

1949826062 (1)

 

 

 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්. ප්‍රනාන්දු මහතා ලබන මැයි 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (06) නියෝග කළේය.

රාජ්‍ය දේපල අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ ඔහුව ඊයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා ජොන්ස්ටන් අද දක්වා රිමාන්ඩ් කරන ලෙසත්, කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.

 

 

[vsw id=”/_08DAnBgoC8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ආණ්ඩුවේ මුදල් ගසා කෑ පවුල රිමාන්ඩ් 

යුද ගැටුම්වලින් විපතට පත් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමට පසුගිය රජය සමයේ දී මහා භාණ්ඩාගාරය මඟින් ලබා දුන් මුදලින් රුපියල් මිලියන 169 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලික සමාගම් අධ්‍යක්ෂවරියක සහ සමාගම් අධ්‍යක්ෂවරුන් වන ඇගේ පුතුන් දෙදෙනා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (5) නියෝග කළේය.

ගජන් කුමාර්, ආනන්දි ශාන්ති කුමාර් හා ශාන්ත කුමාර් නමැති සැකකරුවන් තිදෙනා එලෙස රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කෙරිණි.

දෙවන සැකකාරියගේ රෝගී තත්ත්වය පිළිබඳ පරීක්ෂා කර බලා තම අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොළඹ බන්ධනාගාර රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාට එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

එකී මුදල් වංචා කිරීම සඳහා භාවිතා කළ ආයතන තුන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇතත් එහි සඳහන් ලිපිනවල එවැනි ආයතන නොමැති බව පරීක්ෂණවලදී අනාවරණය වූයේ යැයි එම වංචාව පිළිබඳව පරීක්ෂණ පවත්වන විශේෂ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

එම වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පළමුවන සැකකාර සමාගම් අධ්‍යක්ෂවරිය ආයතන තුනට අයත් ගිණුම්වල තැන්පත් කළ මුදල් ඉතාමත් සූක්ෂ්ම ලෙස ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ යැයි ද, එම විමර්ශන ඒකකය වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

එමිර්කාන් නමැති එම වංචා සිද්ධියේ ප්‍රධාන සැකකරු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නිලධාරියකු ලෙසට හඳුනාගෙන ඇති බවත්, පළමුවන සැකකරුගේ නැගණිය හා සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පළමුවන සැකකරු ලවා එකී ආයතන නමින් බැංකු ගිණුම් විවෘත කරවා ඇති බවත් අනාවරණය වී ඇතැයි ද එම විමර්ශන ඒකකය අධිකරණයට පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පාලනය යටතේ පැවැති ප්‍රදේශවලින් බැහැරව එල්. ටී. ටී. ඊ. පාලනය යටතේ පැවැති ප්‍රදේශවලදී එකී මුදල් ගනුදෙනු සිදුවී ඇතැයි ද විමර්ශන ඒකකය අධිකරණයට පෙන්වා දුන්නේය. ඒ සමයේ එකී ප්‍රදේශවල රාජකාරි කළ රාජ්‍ය නිලධාරීන් කැඳවා ගැනීමට ඇති අපහසුතාවය නිසා විමර්ශන ඉක්මනින් සිදුකිරීමේ හැකියාව අවම බව ද විමර්ශන ඒකකය නියෝජනය කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේය. කෙසේ නමුත් මේ වන විට සිදුකර ඇති විමර්ශනවල හා සාක්ෂි සටහන්වල උධෘත නීතිපතිවරයා වෙත යොමුකර අවශ්‍ය උපදෙස් පතා ඇතැයි ද එම නිලධාරියා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ අධිකරණය වැඩිදුර විභාගය ලබන 19 වැනිදා දක්වා කල්තබමින් එම නියෝගය නිකුත් කළේය.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.