ජෝන් අමරතුංග විශ්වාසභංග යෝජනාව සුදානම්

 

 

downloadnimal

 

 

 

මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්‌තියානි කටයුතු ඇමැති  අද (6 දා) හෝ හෙට (7 දා) කථානායක චමල් රාජපක්‍ෂ මහතාට භාරදීමට නියමිතය.

වත්තල ප්‍රාදේශීය සභාවේ පසුගියදා ඇති වූ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ඇමැතිවරයාට එරෙහිව විපක්‍ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ඇත.

විශ්වාසභංග යෝජනාවට විපක්‍ෂයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් අත්සන් කිරීමට එකඟත්වය පළකර ඇති බවත්, ඊයේ ඊට අත්සන් ලබා ගැනීම සිදු කෙරුණු බවත් විපක්‍ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

වත්තල ප්‍රාදේශීය සභාවේ වූ සිද්ධිය සම්බන්ධයෙන් ජෝන් අමරතුංග ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 2 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 

 

downloadjohn

 

කිසිදු සම්බන්ධයක්‌ නැත

විපක්‍ෂය තමාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංගයට බිය නොවී ඊට සාර්ථකව මුහුණදීමට සූදානමින් සිටින බව නීතිය, සාමය හා ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවසීය.

පසුගිය රජය සමයේ ඇතැම් මැති ඇමැතිවරුන් සිදුකළ සොරකම්, වංචා හා දූෂණ ක්‍රියා සම්බන්ධව ඔවුන්ට එරෙහිව සිදුකෙරෙන පරීක්‍ෂණ යට ගැසීම සඳහා මෙවැනි විශ්වාසභංග ගැන කතාකරන බවද හෙතෙම කීය. පසුගියදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්‌ එල්ලවීමේ සිද්ධියට ජෝන් අමරතුංග මහතා වගකිවයුතු යෑයි චෝදනා කරමින් විපක්‍ෂය ඉදිරි දින කිහිපයේදී ගෙන ඒමට සූදානම් වන බව කියන දොෂාභියෝගයට මුහුණදීමට ඇති සූදානම කෙසේදැයි විමසුමකට පිළිතුරු දෙමින් අමරතුංග මහතා කියා සිටියේ සභාපතිවරයාට පහරදීමේ සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැති බවයි.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජෝන් අමරතුංග මහතා මෙසේද කීය.

විපක්‍ෂය මට විරුද්ධව ඕනෑම විශ්වාසභංගයක්‌ එල්ල කළාට කමක්‌ නැහැ. ඒවා සාර්ථක වෙන්නේ නැහැ.

සමහර හිටපු මැති ඇමැතිවරු පසුගිය කාලයේ කළ පගා ගැහිලි, ටෙන්ඩර් මගඩි, වංචා අල්ලස්‌, අපරාධවලින් බේරෙන්න මේ වගේ විශ්වාසභංගයන් විරුද්ධව ඉදිරිපත් කරන්න හදනවා. රටේ ජනතාව ඇත්ත නැත්ත පිළිගෙන තියෙනවා.

විශ්වාසභංගය ඉදිරිපත් කර මාව බියවද්දන්න කාටවත් බැහැ. මා තවදුරටත් මෙම වැටලීම් දිගටම මෙහෙයවනවා. ඒක නතර කරන්න කාටවත් බැහැ.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.