ජෝන් චන්ඩි වෙයි – පොලිසිය අපේ

John Amaratungaජෝන් ජා ඇල දී චන්ඩි ටෝක් එකක් දුන්නේය. ‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට’ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ජාඇල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. ‘මේ සැරේ අවොත් ගහල එලවනව ඕන එකෙකුට. මේ සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.

ඒක නිසා කිසි බයක් සැකක් තියාගන්න ඕන නෑ. මෙවැනි ටෝක් යහ පාලනයට හරි මදි බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට පැවසිය හැකිය එහෙත් ඡන්ද පොරපිටියේ නැගලා යන්නේ මෙවැනි ටෝක්ය.

අපට ඕන කරල තියෙන්න තමුන්නාන්සෙලාගෙ වටිනා කතිරය පමණයි’ යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව
සනාථ කරමිනි.

චන්ඩි ටෝක් දුන්නත් ආණ්ඩුව නොන්ඩි වන තැන් තිබෙන බව ජෝන් අමරතුංග වටහා ගත්තේ බදු මිළ ගැන කථාවට ගිය විටය. සහල් පොල් එළවලූ පිටරටින් ගෙන්වීමට තීරණය කර ඇති බවත් සතියක් ඇතුලත සහල් පොල් මිල පහත යනු ඇති බවත් ඇමතිවරයා එහිදී කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.