ජ.වි.පෙ ජාතික ආණ්ඩුවකට එක් වෙනවාද නැද්ද යන්න ගැන කතා බහක්

ANURA-10

තමන් ආණ්ඩුවට එක්වෙනවාද නැද්ද යන කාරනයට වඩා දින සීයේ පොරොන්දු තුලින් ජනතාව හැ ඇති කරගත් සම්මුතිය ඉටු කරවා ගැනීමට මැදිහත් වීම වද වැදගත් බව

ජනතා විමුක්ති පෙරමුණේ නායක  අනුර කුමාර දිසානායක කියා සිටී.

කෙසේ වෙතත් පිහිටුවීමට යන  ජාතික ආණ්ඩුවට  ජනතා විමුක්ති පෙරමුණ සහභාගිවන්නේද යන්න පිළිබඳව තවමත්  අවසන් තීරණයක් ගෙන නැති බව

අනුර කුමාර දිසානායක  කියා සිටී.

ජාතික ආණ්ඩුවටජනතා විමුක්ති පෙරමුණ එක්වුනහොත් එම ආණ්ඩුවේ ඇමතිකමක් භාර ගැනීමට ඉඩ තිබේ.

අපේ රටේ ව්‍යවස්ථා ප‍්‍රතිසංවිධානයට ස්ථාපිත කරන ජාතික කමිටුවට ඇතුළත්වීමට ජවිපෙ තීරණය කර තිබෙන බව අනුර කුමාර දිසානායක පැවසීය.

 

 පුළුල් ජනතා බලවේගයක්

අපි මේ මැතිවරණය ආරම්භයේදීම කියා සිටියා මේ අරගලය ජනවාරි 08වැනිදායින් අවසන් වෙන එකක් නෙවෙයි කියලා. ඉන් එහාට ගොස් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ජනතාව සංවිධානය කරන, පෙළ ගස්වන පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීමටත් පුළුල් සමාජ පරිවර්තනයක් සඳහා කටයුතු කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ පෙරට එනවා.” යැයි ජවිපෙ නායක අනුර දිසානායක මහතා පැවසීය.

බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී අද (09) පස්වරුවේ මෙම මාද්‍ය හමුව පැවති අතර එහිදී අනුර දිසානායක මහතා අදහස් දක්වමින්…

 

මෙය සාමාන්‍ය මැතිවරණ කි‍්‍රයාවලියක් නොවේ. ඉතිහාසයේ වැඩිම මුදල් ප‍්‍රමාණයක් පොම්ප කළ මැතිවරණයක්. මෙවැනි මුදල් පොම්ම කිරීමක් මගින් ජනතා මතය විකෘති කිරීමට ගත් ආණ්ඩුවේ උත්සාහය පරාජයට පත්කරමින් ජනතා මතය විකෘති කළ නොහැකි බව ජනතාව ඔප්පු කර පෙන්වුවා. අසත්‍ය තොරතුරු, අවලාද, ව්‍යාජ අත්සන්, මේ මැතිවරණයේදී විශාල ලෙස යොදා ගත්තා. මැතිවරණ දිනයේදී අසත්‍ය ප‍්‍රවෘත්ති, රාජ්‍ය මාධ්‍ය යොදාගෙන ප‍්‍රචාරය කළා. ජනතාව එම අවලාද, අසත්‍යවලට නොරැවටී සත්‍ය තේරුම් ගත්තා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඒකාධිපති පාලනය පරාජය කළා.

ඒ වගේම මේ මැතිවරණයේදී සියලු සදාචාර සීමාවන් උල්ලංඝනය කළා. ප‍්‍රධාන අපේක්‍ෂකයින්ට සමාන ඩුප්ලිකේට් අපේක්‍ෂකයින් යොදාගනිමින් ඔහුගේ දැන්වීම් සඳහා ආණ්ඩුව විශාල ලෙස මුදල් වියදම් කළා. ප‍්‍රධාන අපේක්‍ෂකයාගේ ඡන්ද කැඩීම සඳහා එම ඩුප්ලිකේට් අපේක්‍ෂකයා යොදා ගත්තා. මහින්ද රාජපක්‍ෂ ඡන්දපොලට යන අවස්ථාවේදී එම ඩුප්ලිකේට් අපේක්‍ෂකයාගේ කරට අත දාගනිමන් රඟපෑමක් කළා.  ඊට එරෙහිව ජනතාව හොඳ පණිවුඩයක් ලබාදුන්නා.

 

DSC07901

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල මෙහෙයක් කළ 17වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නට අප කටයුතු කළා සේම නැවත එය ස්ථාපිත කිරීමට අරගල කරනවා. 2010දී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් 17වැනි සංශෝධනයේ තිබූ සියලූ බලතල ඔහු යටතට ගත්තා. එනිසා 18 සංශෝධනය අහෝසි කොට 17වැනි සංශෝධනය නැවත කි‍්‍රයාත්මක කරමින් සියලූ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ඉඩ විවෘත කිරීමට ජවිපෙ සූදානම්.

ඒ වගේම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමේ යෝජනා පිිළිබඳව සලකා බලමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට අරගල කරනවා. දශක තුනකට අධික කාලයක් අපේ රටේ මහජන මුදල් නාස්ති කරමින්, ගසා කමින් තිබෙනවා. ජනාධිපතිවරණ සමයේ වංචා දූෂණ පිළිබඳව විවිධ ෆයිල් එළියට ආවා. ඒ වගේම හෙළිදරව් නොවූ ෆයිල් විශාල ප‍්‍රමාණයක් තිබෙන බවද අපි දන්නවා. එවැනි වංචා දූෂණවලට, අක‍්‍රමිකතාවලට සම්බන්ධ සියලූ දෙනා හෙළිදරව් කළ යුතුයි. නීතිය හමුවට ගෙන ආ යුතුයි. ඒ වෙනුවෙන් අප සතු සියලූ තොරතුරු යොදාගනිමින් එම දූෂිතයන්ට දඬුවම් දීමට කටයුතු කරනවා.

රාජ්‍ය මධ්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක්

ඒවගේම නව වැඩපිළිවෙලේ යෝජනාවක් තිබෙනවා රාජ්‍ය මධ්‍ය අධීක්‍ෂණය කිරීම සඳහා ස්වාධීන අධිකාරියක් පිහිටුවන බවට. එය සාර්ථක කරගතහොත් රාජ්‍ය මාධ්‍ය පාලනයට යම් ව්‍යූහයක් සකස්කරගත හැකියි. මාධ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, අධිකරණය යන ක්‍ෂේත‍්‍ර වෙන වෙනම පාලනය කළ නොහැකියි. මේ සියලූ දේට පොදු එකඟතාවයක් යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කි‍්‍රයාත්මක වීමට තීන්දු තීරණ ගත යුතුයි. ඒ ඔස්සේ තමයි පාර්ලිමේන්තුව, අධිකරණය, මාධ්‍ය වඩා හොඳ තැනකට ගෙනයා හැක්කේ

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.