ඥානසාර හිමියන් උසාවියට ගෙනාවේ පොලිසිය

gnanasara-1බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් උසාවියට බාරවන තත්ත්වයට පසුබිම සකස් කළේ පොලිසිය විසිනැයි නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසයි. උසාවියේ වරෙන්තු ලැබු ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් 6 ක් අංශ කිහිපයක් ඔස්සේ යොදවා සිටි බව ප්‍රකාශ කරන නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාතයාංශය ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන්ගේ පාර්ශවයෙන් රජය වෙත එවනු ලැබු පණිවිඩයන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ අධික්ෂණයට ලක් වූ බවද සඳහන් කරයි.

ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ ක්‍රියාත්මක වෙද්දි තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් බොදුබල සේනා සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරින් නීතියේ රැහැනට හසුකර ගත් බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කොළóන් පිට විහාරස්ථාන කිහිපියකම ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් සැගවී සිටින බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන සිටි බව සඳහන් කරන නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ඇතැමි විහාරස්ථානවල නායක හිමිවරුන් හා දායක සභා ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් තවදුරටත් රදවා තබා ගැනිම ප්‍රතික්ෂේප කළ බවට තොරතුරු අනාවරණය කරගත්තේයැයිද සඳහන් කළේය. සියළු තත්ත්වයන් යටතේ ගලගොඩඅත්තේ  ඥානසාර හිමියන් උසාවියට බාරවන තත්ත්වයට ගෙනආවේ පොලිසිය බවද නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය අනාවරණය කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.