ටයි පටි තහනම් අඩවි

සුප්‍රසිද්ධ මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් මෙවර විම්බල්ඩන් තරගාවලිය නැරඹීමට පැමිණ සිටියත් ටයි පටියක් සහ කබායක් පැළඳ නොපැමිණීම හේතුවෙන් ඔහුට විශේෂිත ආරාධිත අමුත්තන් තරඟය නරඹන රාජකීය කුටියට ඇතුල් වීමට අවසර ලැබී නැත.

ටයි පටියක් පැළඳීමට බල කෙරෙන ස්ථාන වගේම ටයි පටියක් පැළඳීම තහනම් ස්ථානත් බ්‍රිතාන්‍යයේ තිබෙන බව ඔබ දැන සිටියාද?

ටයි පටිය පැළඳීම අනිවාර්ය ස්ථාන

1. ලන්ඩන් නුවර ‘ටී ඇට් ද රිට්ස්’ අවන් හල.

‘ටී ඇට් ද රිට්ස්’ අවන් හලේ රදළ පැලැන්තියේ ඉංග්‍රීසි ජාතිකයින් අතර හිඳ ඉතා මිල අධික රසවත් ඉංග්‍රීසි රස කැවිලි සමග තේ පානය කිරීමට ඔබට අවශ්‍ය නම් ටයි පටියක් පැළඳීම අනිවාර්යයි.

අවන් හල් කළමනාකරු පැවසුවේ මෙය දහසය වැනි ලුවිස් යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමවා ඇති ඉපැරණි ස්ථානයක් වන හෙයින් සිය පාරිභෝගිකයන් තැනට ගැළපෙන ලෙස ඇඳුම් ඇඳීම අගය කරන බවයි.

null

2. P&O සංචාරක නෞකා තුළ රාත්‍රී සාද

P&O සමාගම පවසන්නේ සිය නෞකාවක සාදයකට පැමිණීමට නම් අවම වශයෙන් සාම්ප්‍රදායික ඉංග්‍රීසි ඇඳුම (ටයි පටිය සහ කබාය සහිත) පැළඳීම අනිවාර්ය අතර ජේම්ස් බොන්ඩ් විලාසිතාවට අනුව සැරසීම ඉහලින් අගය කරන බවයි.

3. බ්‍රිතාන්‍ය රජයේ පාසල්

ලොව බොහෝ නවීන පාසල් ටයි පටිය පැළඳීම මේ වන විට අත්හැර දමා තිබුනත් ටයි පටිය පැළඳීම බ්‍රිතාන්‍ය පාසල් සිසුන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීතියකි.

null

4.බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහජන මන්ත්‍රී මණ්ඩලයේ මාධ්‍ය කුටිය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මාධ්‍ය කටයුතු මෙහෙයවන මාධ්‍යවේදීන්ට විධිමත් ඉංග්‍රීසි ඇඳුම (ටයිපටිය සහ කබාය) අනිවාර්ය කර ඇත්තේ එය පාර්ලිමේන්තුවට ගෞරව දැක්වීමක් ලෙස සලකමින්.

5.‘මාර්ලිබන්’ ක්‍රිකට් ක්‍රීඩා සමාජය (Marylebone)

රාජකාරියේ යෙදී සිටින පුද්ගලයින්ට නිල ඇඳුම සහ විදේශිකයන්ට සිය ජාතික ඇඳුම හැරුණු විට ‘මාර්ලිබන්’ ක්‍රිකට් ක්‍රීඩා සමාජයට පැමිණෙන සියලුම පිරිමින් ටයි පටියක් පැළඳීම අනිවාර්යය වේ.

ටයි පටියක් පැළඳීම තහනම් ස්ථාන

null

1.ඉංග්‍රීසි ජාතික ප්‍රසිද්ධ ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් යටතේ සේවය කිරීම.

වර්ජින් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් යටතේ මේ වන විට සමාගම් 400ක් පමණ පාලනය වේ. රිචඩ් බ්‍රැන්සන් කියා සිටියේ ටයි පටියක් පැළඳීම යනු යල් පැන ගිය නීතියක් වන අතර සම්ප්‍රදාය විසින් නව පරපුරට කරන හිරිහැරයක් වන බවයි. සිය උඩු සාක්කුවේ කතුරක් ඇති බව පැවසූ රිචඩ් බ්‍රැන්සන් සිනා මුසුව කියා සිටියේ තමන් සිය සේවකයන් ටයි පටි පැළඳු විට ඒවා කපා දමන බවයි.

2.රෝහල් වෛද්‍යවරු

ටයි පටිය රෝගීන් ගේ සිරුරේ ගෑවීමට ඉඩ ඇති බැවින් රෝග කාරක විෂබීජ පැතිරීම වැලැක්වීමට.

3.පොලිස් නිලධාරීන්

අපරාධ කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ටයි පටියක් පැළඳීම මගින් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින්.

4.‘සෝහෝ හවුස්’

නවීන සමාජ ශාලා සමාගමක් වන සෝහෝ හවුස් සමාගම පවසන්නේ සිය සමාජ ශාලා නව පරපුරට සරිලන අයුරින් පවත්වා ගෙන යන අතර යල් පැන ගිය ටයි පැළඳීමට අවසර දීම මගින් සිය තේමාවට හානි සිදු විය හැකි බවයි.

5.ඇඟලුම් කම්හල් සහ අනතුරුදායක යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන කම්හල්

හදිසි අනතුරු වලට ලක් වීමට ඇති ඉඩකඩ වැඩි බැවින් පෞද්ගලික ආරක්ෂාව පිණිස.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.