ට්‍රැවිස් පෙරට – නාවික ධජය අතට

trawisආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම තනතුරින් අගෝස්තු 21දා විශ්‍රාම යාමට නියමිත අතර ඉන් අනතුරුව එම තනතුරට පත්වන්නේ වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නය. ඒ අනුව පුරප්පාඩුවන නාවික හමුදාපති තනතුර සඳහා ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ 21 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් රියර් අද්මිරාල් ට‍්‍රැවිෂ් සින්නයියා ඊයේ (18) ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් පත්වීම ලබා ගත්තේය.

ට්‍රැවිස් සින්නයියා මහතා යුද සමයේ එල්ටීටීඊ යුද නැව් විනාශ කිරීමේදී සහ යුද නැව් අත්අඩංගුවට ගැනීමේදී තීරණාත්මක මෙහෙයක් ඉටු කර ඇතැයි නාවික හමුදාවේ ආරංචි මාර්ග කියයි. පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලයේදී ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවකු බව ද එම ආරංචි පවසයි. ට්‍රැවිස් සින්නයියා මහතා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැන්නා වුවද ඔහුට ඉදිරියෙන් සිටින නිළධාරීන් දෙදෙනාටම පසුගිය රජය සමයේදී කොළඹ ද්‍රවිඩ තරුණයන් පිරිසක් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. ට්‍රැවිස් සින්නයියා මෙට පෙර දැඩි ලෙස පීඩාවට පත් වී ඇති අතර විටෙක සේවය අත් හැර යාමටත් සිදු වී ඇත.

trawis

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.