සයිටම් ‘ටැමඩෝල් ‘ දී රෝගී ජිවතය අනතුරේ

saitmමුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ රෝහල ලෙස පවත්වාගෙන යන නෙවිල් ප්‍රනාන්දු රෝහලට පසුගිය 05වනදා ඇතුළත් කළ රෝගියෙකුට වැරදි ඖෂධයක් ලබාදීම හේතුවෙන් අසාධ්‍ය වූ එම රෝගියා නැවත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

හිසට පොල්ගෙඩියක් වැටීම හේතුවෙන් රෝගී තත්වය පත්ව ඇති  මෙම පුද්ගලයාව මෙම පෞද්ගලික ‍රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එවැනි රෝගියෙකුට ලබාදීමට නොසුදුසු යැයි පැවසෙන ‘ටැමඩෝල් ‘ නම් ඖෂධය ලබා දී ඇත.

එම ඖෂධය හේතුවෙන් රෝගියා මත්ගතියට පත්වන බවත් එමගින් මොලයට වන හානිය තීරණය කළ නොහැකි බවත් මොළය අභ්‍යන්තර ලේ වහනයක් සිදුවන්නේද නැද්ද යන්න තීරණය කිරීමට අසීරු වන බවත් පැවසේ.

මෙම රෝහලට ඇතුළත් කළ රෝගීන්හට වැරදි ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුවත් අවස්ථා කිහිපයකදීම වාර්තා වීමද විශේෂත්වයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!