ටියුබ් ලයිට් නොවන යහ පාලන ටොයියන්ටයි

maithripala-1යහ පාලනවාදී දේශපාලන ප්‍රභූන් පුවත් පත් නිවේදන නිකුත් කිර්මෙහිලා සමන්ය. එහෙත් රවී කරුණානායක බැඳුම්කර කොමිසමේ දුන් සාක්ෂිය ගැන මේ අය නිහඬය. ඒ අතරවාරේ අමුතුම තාලේ පුවත් පත් නිවේදනයක් අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ. මේ ගැන අටුවා ටීකා ලියන්න යන්නේ නැත්තේ එවිට එහි උත්ප්‍රාස රසය මිය යන බැවිනි. මේ ගැන මනා වැටහීමක් ලබා ගැනීමට නම් මෙහිලා ඉඟි කෙරෙන චරිත පිළිබඳව දැනුමක් තිබිය යුතුය.

ගරු ජනාධිපති සිරිසේන

පහත අත්සන් කරන , ලංකාවේ සිවිල් සමාජය නියෝජනය කරන ස්ත්‍රීවාදීන් වන අප තරයේම කියා සිටින්නේ කලාපීය සන්දර්භය තුල තබා විශ්ලේෂණය කල කලිහී පශ්චාත්-යටත්විජිත සමාජයක්වන ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ගේ චින්තනයේ පැහැදිලි ඥාණවිභාගාත්මක ඛණ්ඩනයක් සිදුවී තිබෙන බවකි. උදාහරණයක් ලෙස විදේශ සහ ලොතරයි කටයුතු ඇමති රවී කරුණානයකයන් ඊයේ දිනයේ දී බොන්ඩ් කොමිසම හමුවේ දුන් සාක්‍ෂි විසංයෝජනය කිරීමේදී අපට හොඳින්ම පැහැදිලි වූයේ මෙරට දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ චින්තනයේ සුසමාදර්ශී වෙනසක් සිදුව ඇති බවය . විශේෂයෙන්ම ස්වකීය කුටුම්භය තුල එතුමාගේ බිරිඳ සහ තරුණ දියණියන් හට ස්වකීය අභිමතය පරිදි තීරණ ගැනීමේ අයිතිය , එනම් ස්වයං නීර්ණ අයිතිය ලබාදීම අපගේ මහත් ප්‍රසංශාවට පාත්‍ර විය  .

එතුමා මෑතකදී ආසියාවේ හොඳම මුදල් ඇමතිට හිමි සම්මානයෙන් ද පුද ලැබුවෙකි. නිසා එතුමාව නෙරපීම අකැපය . අප ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ බිරිඳ වරදකරු කොට එතුමාව කාන්තා හා තරුණ කටයුතු අමාත්‍යධූරයට පත්කරන ලෙසය .

මීට

සුනිලා ජයසිරි
සුනිලා සේනානායක
සුනිලා විජේසිරිවර්ධන
නිමල්කා නානායක්කාර
වාසුදේව ප්‍රනාන්දු
XYZ රාජකරුණා
අනෝමා වාසිකුට්ටි
ලක්‍ෂ්මන් කෝට්ටේගොඩ
සේපාලි ගුණසේකර
මැණීකේ සේරසිංහ
කුමී වැන්ඩපූට්න්
මලීකා සිල්වා
සනත් සිරිසේනගේ
මහාචාර්ය මෛත්‍රී විජේවර්ධන
UDFXVT චිකේරා
කාන්තාව , පිරිමියා හා මාධ්‍ය සාමූහිකය
විකල්ප ෆෙඩරල් කේන්ද්‍රය
සාම ව්‍යාපරික මණ්ඩලය
බ්‍රහස්පතින්දා පෝරණුව
අතුරුදහන්වී සිට යහපාලනය යටතේ දරුවන් සොයාගත් මාපියවරුන්ගේ සංගමය
මෙරට වැසියන්ගේ බලය
සහ තවත් අය

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.