චම්පිකට උස තිබුනත් මොලේ නැත -ටිරාන්

 

 

tiran-allas

 

විදුලිබල ඇමති පාඨලි චම්පික රණවක මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විනාශ කළ ආකාරයට වත්මන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවද විනාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා පවසයි.

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතියක සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ටිරාන් අලස් මහතාගෙන් පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අද පැය 2ක පමණ කාලයක් ප්‍රශ්න කරන ලදී.

අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන්ට එරෙහි මෙම චෝදනා පිටුපස සිටින්නේ විදුලිබල ඇමති පාඨලි චම්පික රණවක මහතා බවයි.

පාඨලිට උස තිබුණාට මොළය නැති බවද ඔහු අවඥාවට මෙන් පැවසීය.

විදුලිබල ඇමතිවරයාගේ ක්‍රියාකලාපය තමන් හොඳින් දන්නා බවත්, ඔහු මහින්ද රාජපක්ෂ රජය විනාශ කළ ආකාරයටම මෙම ආණ්ඩුවද විනාශ කරන බවත්, ඔහු එහිදී කියා සිටියේය.

ටිරාන් අලස් මහතා තමන්ට එරෙහිව එල්ල වී ඇති මූල්‍ය වංචා සම්බන්ධ චෝදනාවේදී නීතිඥවරයෙකුගේ සහය ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ සහය ලබාගෙන තිබුණි.

සුනාමි ව්‍යවසනයෙන් විපතට පත්වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකින් රුපියල් මිලියන 645ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතාට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබේ.

එකී නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට අදාළ මුදල් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ එමිල් කාන්තන් යන අය ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් මූලස්ථානය පසුගිය අගහරුවාදා පැවසීය.

නැගෙනහිර පළාතේ සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා 2006 වසරේදී නිවාස ඉදිකිරීමට එවක ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුමැතිය මත රාඩා නමැති ආයතනයකට භාර දී තිබූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාය.

අදාළ නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් මහාභාණ්ඩාගාරය රාඩා ආයතනය වෙත රුපියල් මිලියන 645ක මුදලක් ලබා දී ඇතත්, එමගින් කිසිදු නිවසක් ඉදිකර නොමැති බවද ඉන් රුපියල් මිලියන 125ක් චෙක්පත් 9ක් මගින් වංචා කර ඇති බව සනාථ වී ඇතැයි ද පොලිසිය කියා සිටියේය.

අදාළ වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු රාඩා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පස් දෙනෙකුගේ ගුවන් ගමන් තහනම් කිරීමේ නියෝගයක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් බවද පොලිසිය නිවේදනය කරන ලදී.

කෙසේවෙතත් අදාළ චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන බවයි ටිරාන් අලස් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබුණේ.

 

 

 

[vsw id=”/XfBl_RUZdes” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.