ටොකු කන්න බැහැ-මහින්දානන්ද අළුත්ගමගේ

 

images (mahinnn82)

ආණ්ඩුවට සහාය දෙන්නත් ගුටි කන්නත් දෙකක් කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

පසුගියදා විපක්ෂය අයවැය විවාදයේදී  විපක්ෂය කෑකෝ ගසමින් හැසිරුණු අවස්ථාවේදී ජනාධිපතිතුමා ගෙන් ටොක්කක් කන්නේ නැතුව වාඩිවෙන්නැයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඒ ගැන කියා සිටීයේ:

‘රටේ අගමැතිතුමා එදා පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිහ මම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. එදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරල මන්ත‍්‍රීවරුන්ට ටොකු අනින්න හදනවා. අද විපක්ෂයේ මන්ත‍්‍රීවරු බය කරන්න හදනව. මන්ත‍්‍රීවරුන්ව හිරේ දාලා අපිව බය කරන්න බෑ. මේක සුළුතර ආණ්ඩුවක්. බහුතරයක් තියෙන්නේ අපිට. අපි දින සියයේ වැඩපිළිවෙළට සහාය දෙනවා. හැබැයි සහාය දෙන්නයි, ගුටි කන්නයි දෙකක් බැහැ’  යනුවෙනි.

 

Mahindananda-Aluthgamage

 

මේ වනවිට මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් සහ දුෂණ චෝදනා ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කොට ඇත.

 

ලබන මහා  මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දෙන විට දුෂණ චෝදනා වලට නම ගෑවී ඇති පුද්ගලයින්ට නම යෝජනා දෙනවාද නද්ද්ද යන්න පිළබඳව පක්ෂය

පැහැදිලි තීරණයක් ගත යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.