ඩිල්ෂාන් දස දහසයි

 

 

ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ පිතිකරුවකු වන තිලකරත්න ඩිල්ෂාන් අන්තර් ජාතික එක්දින ක්‍රිකට් පිටියේ ලකුණු දසදහසේ සීමාව පසුකර යාමට සමත්විය.

එක්දින ලකුණු දසදහසේ සීමාව පසු කළ ලොව 11 වැනි ක්‍රීඩකයා ඩිල්ෂාන් වේ.

එක්දින පිටියේ ලකුණු 10000 පසු කළ වයස් ගතම ක්‍රීඩකයා වන්නේද ඩිල්ෂාන්ය.

ඩිල්ස්කූප්

1999 නොවැම්බර් මාසයෙහි සිම්බාබ්වේ පිලට එරෙහිව තරඟ වදිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ ඩිල්ෂාන් ගත වූ වසර දාහතර ඇතුළත ටෙස්ට් තරඟ අසූ හතක් සහ එක් දින තරඟ දෙසිය හැට හතකට සහභාගී වී ඇත.

ආක්‍රමණශීලී ප්‍රහාරක දකුණත් පිතිකරුවකු ,පන්දු යවන්නකු, සහ කඩුලු රකින්නකු ද වන ඩිල්ෂාන්, ශ්‍රී ලංකා පිලේ නායකයකු හැටියට ද ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි.

 

 

ඩිල්ෂාන් විසින් හඳුන්වා දෙනු ලැබුන,ඔහුගේ ඩිල්ස්කූප්(Dilscoop)ප්‍රහාරක ශෛලිය අද ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් අනුගමනය කරන අතර එය ක්‍රීඩාලෝලීන්ගේ මහත් ආශ්වාදයට හේතු වී ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.