ඩිව් ද්විත්ව රංගනයක

downloaddfde

මහින්ද රාජපක්ෂ මහතාට හදිසි ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කළ නොහැකි බව තමන් තුන් හතර වරක් මහින්ද රාජපක්ෂ මහතා සමග දීර්ඝ වශයෙන් පැහැදිලි කළ බව හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහෙත්  ඩිව් ගුණසේකර මහතා ඊට සම්පුර්ණයෙන්ම පටහැනි ලෙස කටයුතු කලා බව කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් පෙන්වා දෙති.

ආණ්ඩුවට සහය දීමට තම පක්ෂයට සදාචාරාත්මක හැකියාවක් නැති බව පෙන්වා දුන් රාජා උස්වැටකෙයියාව ඇතුළු තවත් මධ්‍යම කාරක සභිකයින්ගණනාවකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කල අතර රාජපක්ෂ ආණ්ඩුව සංවර්ධනය සහ ස්ථාවරත්ව වෙනුවන් කරන මෙහෙය  සලකා බලා එම පරිපාලනයට තමන්ගේ සහයෝගය දෙන බව කියා සිටියේය.

කොමිනිස්ට් පක්ෂයේ නිල පුවත් පත වූ ඇත්ත පත්‍රය ප්‍රකාශ  වීම  වලක්වාලීමට ගුණසේකර ඇමතිවරයා උපක්‍රමශීලීව කටයුතු කල බව ඇත්ත පුවත්පතේ කතුවර ව සිටි

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු චෝදනා කළේය.

පසුව ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ඉදිරිය නම් පුවත් පතක් ආරම්භ කළේය.

කොමියුනිස්ට් පක්ෂය තුල ගුණසේකරට   ඇමතිවරයා ගේ නායකත්වය පිළිබඳව අර්බුද ඇතිවීමට ඉඩ තිබේ.

 ඩිව් ගුණසේකර හිටපු අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේදී 

 

[vsw id=”/youtu.be/BPMDoaoA4IU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.