ඩුබායි මැරියට් මගේ නොවේ

 

Mahinda-inවානේ සංස්‌ථාවේ සහ ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර ඇති ඩොලර් මිලියන 238 ක මුදල තමාගේ බව පවසමින් අධිකරණය හමුවේ නඩුවක්‌ පැවරීමට දේශපාලන විරුද්ධවාදීන් උපක්‍රමශීලීව කටයුතු කරන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්‌ක කරගෙන යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. වානේ සංස්‌ථාවේ ආයෝජනය කර තිබෙන ඩොලර් මිලියන 48 ක මුදල සහ ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිබෙන ඩොලර් මිලියන 190 ක මුදල සැබැවින්ම අයිති තමාට නොවන බවත් එම මුදල අයිතිකරු වන්නේ නන්ද ලොකුවිතාන යන අයට බවත් හිටපු ජනපතිවරයා එම නිවේදනයෙන් කියා සිටී.

තත්ත්වය එසේ තිබියදී පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය තමාට ලැබුණු පැමිණිල්ලක්‌ විමර්ශනය කරන බව පවසමින් කඩුවෙල මහෙස්‌ත්‍රාත් උසාවියට ‘බී’ වාර්තාවක්‌ ඉදිරිපත් කර ඇති බව ද, එකී විමර්ශනය ආරම්භ කර ඇත්තේ නිර්නාමික ලිපියක අන්තර්ගතය බවද එම වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

නිර්නාමික ලිපියක අන්තර්ගතය මත විමර්ශනයක්‌ ආරම්භ කළ බව කියමින් පොලිසියට ‘බී’ වාර්තාවක්‌ ඉදිරිපත් කිරීම අමුතු දෙයක්‌ බව නොකිවමනාය යි ද හිටපු ජනාධිපතිවරයා එම නිවේදනයෙන් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

 

 

dxbmh_main01

 

 

මෙකී පොලිස්‌ මූල්‍ය අපරාධ ඒකකය පිහිටුවා ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට අසත්‍ය චෝදනා නගා හිරිහැර කිරීමටය. මෙම ඒකකයේ නීත්‍යානුකූලභාවය සහ වලංගු භාවය සම්බන්ධයෙන් ශ්‍රෝෂ්ඨාධිකරණය ඉදිරියේ නඩුවක්‌ද තිබෙන බව වැඩිදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. එජපායේ දිගුවක්‌ හැටියට කටයුතු කරන මෙම පොලිස්‌ ඒකකය මෙකී ‘බී’ වාර්තාව ඉදිරිපත් කිරීමට ඇත්තේ මට එරෙහිව සඟවන ලද වත්කම් සම්බන්ධයෙන් උසාවියේ නඩු පවරා ඇති බවත් ජනතාවට ඒත්තු ගැනAවීමට විය හැක. මට එරෙහිව බොරු ප්‍රචාර ගෙන යැමට මෙය ද භාවිත කළ හැකි සූක්‍ෂම උපක්‍රමයකි. මහ මැතිවරණයක්‌ ප්‍රකාශ කිරීමට නියමිත මෙවන් මොහොතක එවැනි ප්‍රචාරයක්‌ පතුරුවා හැරීම අපගේ විරුද්ධවාදීන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනු ඇත. වානේ සංස්‌ථාව හා ඩුබායි මැරියන් හෝටලය අයිති ඒවායේ හිමිකරුවන්ට මිස මට නොවන බව මම ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි.

අනුකම්පාව

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පසුගිය පාලන සමයේ සිදු කරනු ලැබූ මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳව මේ වනවිට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනය කරමින් තිබෙන අතර ජනතා විමුකති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම වෙත් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ඇතුළු එම ආණ්ඩුවේ සිටි 13 දෙනෙකුට එරෙහිව සාක්ෂි සහිතව අල්ලස් කොමිෂම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ පිළිබඳව පරීක්ෂණ මේ වනවිට ආරම්භ වී ඇති අතර රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකුම මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එවැනි තත්වයක් හමුවේ තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ කරමින් ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමට ජනතාව ප්‍රතික්ෂේප කරනු ලැබූ හිටපු ජනාධිපතිවරයා උත්සාහ ගනිමින් සිටින බවට දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති

නන්දන ලොකුවිතාන

 

 

Lokuwithana at Al Jaddaf Marriott in Dubai. Picture by Shirajiv Sirimane

 

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොලර් 550 (රුපියල් 72649.50)  සිට  කාමර පහසුකම් ඇත. රට රටවල ජනපතිවරුන් ඇතුළු ප්‍රභූන්ට සිටිය හැකි විශේෂ කාමරයක උපරිම මිල ඇමෙරිකා ඩොලර්  5500 (රුපියල්  726495.00) කි.

මෙම හෝටලය ගිය වසරේ සැප්තැම්බර 15 වැනි දා විවෘත කළ බවත්, කාමර 351ක් හා අනු නිවාස මැදිරි 128ක් ඇති බවත් නන්දන ලොකුවිතාන එහි හිමිකරු බවත්, ඔහු ආයෝජනය කළ මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් (රුපියල් කෝටි 2972.03) බවත් ඩේලි නිව්ස් පුවත්පත 2014 අගෝස්තුවේ දී වාර්තා කළේය.

කැබිතිගොල්ලෑව මැදවච්චියේ ඉපදුණු ලොකුවිතාන 1989 දී ඇඟළුම්කම්හලක සේවයට ඩුබායි ගිය බවත් මැරියට් සමාගමට බැඳුණු බවත් පුවත්පත කියයි.

ලෝකුවිතාන ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ හිමිකරු බව ද කියයි.

 

 

 

ලොකුවිතානගේ පියා විදුහල්පතිවරයෙකි. තම නිවසේ වහලේ පීල්ල කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත් ඔහු කියයි. හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බව ද ඔහු පවසයි. පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නම වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බව ද ඔහු කියයි.

තමා ඉන්ජිනේරුවකු කිරීම මව්පියන්ගේ අදහස වුවත් ඔවුන්ගේ අකමැත්තපිටම 1989 දී ඩුබායි රැකියාවට ආ බව ද ඔහු කියයි.

1989 දී ඇමෙරිකා ඩොලර් 225ක වැටුපකට ආ තමා ඉන් වසර 25කට පසුව ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් ආයෝජනය කර ශ්‍රී ලංකා ධජයද ලෙලදෙන මැරියට් හෝටලය ඉදි කළ බවත්, මාස හතරකට වරක් මව්පියන් ඩුබායි කැඳවන නමුත් ඔවුන් දින කිහිපයකට වඩා එහි රැඳී සිටීමට අකමැති බවත් ඔහු සඳහන් කරයි.

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.