ඩෙංගු දඩේ වෙයිද ලෙඩේ

isura-1පසුගිය කාලය පුරා සිඝ්‍රයෙන් ඩෙංගු ව්‍යාප්ත වීමත් සමග ඒ පිළිබද ජනතාවගේ බලවත් විරෝධයක් එල්ල වූයේ බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා වෙතය. තමන් ඇතුළු පළාත් සභාව වෙත එල්ල වූ බරපතල චෝදනාව ආදායම් මාර්ගයක් කර ගැනීමේ පුවතක් බස්නාහිර පළාත් සභාවෙන් පසුගිය දා වාර්තා විය.

මේවනවිට ඩෙංගු රෝගයෙන් ජීවිත 250ක් පමණ අහිමිවි ඇති අතර 80000කට අධික ප්‍රමානයකට ඩෙංගු වැලදී ඇත. බස්නාහිර පලාත තුල මෙම ඩෙංගු වසන්ගත තත්වය ඉතා දරුණු ලෙස පවතී. මෙම තත්ත්වය උපයෝගීකරගෙන බස්නාහිර පළාත තුල අත්හැර දැමූ සියළු ඉඩම් සදහා 2%ක බද්ධක් අය කිරීමට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය තීරණය කර තිබේ. මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්වරු හා පොලීසිය මැදිහත්ව වතුර එකතු වන තැන් ඇති නිවෙස් සදහා දඩ ගසමින් යන අතර මෙවැනි තීරණයක් ගැනීම පිළිබද බොහෝ දෙනා විමතිය පල කරති.

ගැටළුව තිබෙන්නේ ආණ්ඩුව විසින් පවත්වා ගෙන යන ඩෙංගු තවාන් පිලිබඳව ගන්නා පියවර කුමක්ද යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.