ඩෙංගු මරණ වලින් රටේ සංවර්ධනය මනින සෞඛ්‍ය ඇමති

Jayantha-Samaraweera“සංවර්ධනය වැඩි වෙනකොට ඩෙංගු වැඩිවෙනවා කියලා සෞඛ්‍ය ඇමති කියනවා. එහෙම නම් ලෝකයේ සංවර්ධිත රටවල් වල රෝහල් ඩෙංගු හැදුනු මිනිස්සුන්ගෙන් පිරිලා යන්න ඕනේ. සෞඛ්‍ය ඇමතිතුමා රටේ සංවර්ධනය මනින්නේ ඩෙංගු නිසා ඇතිවන මරණ වලින්”  යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක කළුතර දිස්ති‍්‍රක් පාර්ලමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර මහතා ප‍්‍රකාශ කරනවා. පානදුර නගරයේ ඩෙංගු මර්ධනය සඳහා පැවැති ශ‍්‍රමදානයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පවසා ඇත. ඒ මහතා වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ සෞඛ්‍ය ඇමතිතුමාගේ මිත්‍යා කතාවලින් ජනතාව නොමග යැවීම නතර කල යුතු බවයි. රටේ ජනතාව ඩෙංගු මාරයාගෙන් ගලවා ගැනීම සඳහා සෞඛ්‍ය ඇමති වරයාගෙන් ඉටුවිය යුතු කාර්යභාරය ඔහු විසින් හරියාකාරව සිදු කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.