ඩේසි ආච්චි ගේ මැණික් මල්ල පරාදයි – රවී පවුල හවුල් සමාගමේ මිලියන145ක් පුස්කයි

Ravi and Moneyරවී කරුණානායක කලමනාකරණ අධ්‍යක්ෂ තනතුරක් දරු සමාගමක (Global Transpotation and Logistic) සේප්පුවක රුපියල් මිලියන 145 කට අධික මුදල් නෝට්ටු තැන්පත් කර තැබීම පුදුම සහගත කරුණක් බව නීතිවේදී යසන්ත කෝදාගොඩ පෙන්වා දුන්නේය.

රවී කරුණානායක දියණිය සහ බිරිඳද මෙම සමාගමේ විධායක තනතුරු දරති. මෙය නාඳුනන කෙනෙක් රාජපක්ෂලාට ගෙන දුන් බව කියන ඩේසි ආච්චි ගේ මැණික් මල්ල පරදවන කථාවකි. මන්දයත් කිසිම සමාගමක් රුපියල් මිලියන 145 ක් තම සේප්පුවේ කාලාන්තරයක් තිස්සේ තබා ගන්නේ නැත. මෙය මුදල් විශුද්ධිකරණයට උත්සහ ගැනීමක් විය හැකි බව තමන් පිළිගන්නේ යැයි එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි බ්‍රයන් සින්නයියා බැදුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය.

රවී කරුණානායක පවුල වෙනුවෙන් 2016 වසරේදී කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදි ගැනීමේදී මේ සේප්පුවේ මුදල් භාවිතා කොට ඇත. අද කොමිසමේ කටයුතු ආරම්භ වූ මොහොතේ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා පැවසුවේ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් අනතුරුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් කොටස් මිලදී ගත් ජාතික බැංකුවක, මධ්‍යසාර නිශ්පාදන සමාගමක, විද්‍යුත් මාධ්‍ය සමාගමක සහ අළුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනයක තොරතුරු ලබන මස 02 වැනිදාට පෙර කොමිසමට බාර දෙන ලෙස විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඊයේ (28) එම සමාගමට නියම කළේය.

මේ ලැයිස්තුව අපුරු සමාගම් කීපයක එහතුවකි. ජාතික සංවර්ධන බැංකුව, ඩබ්ලිව්.ඇම්. මෙන්ඩිස් සහ සමාගම නමැති මධ්‍යසාර නිශ්පාදන සමාගමේ, ‘සියත‘ රූපවාහීනී සහ ගුවන් විදුලි නාලිකා විකාශනය, ‘ඒෂියා වොයිස් නෙට් වර්ක්‘ නමැති විද්‍යුත් මාධ්‍ය සමාගමේ සහ ‘ජනයුගය‘ පුවත්පත් මුද්‍රණය කරන ‘ඉන්ටර්ග්‍රේටඩ් මීඩීයා නෙට් වර්ක්‘ නමැති අලුතින් ස්ථාපනය කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතනය පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සතුය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.