තනි එජාප ආණ්ඩුවට මන්ත්‍රී සහය

unpඅගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙක් පවසා ඇත. මේ අදහස සම්පුර්ණයෙන්ම බැහැර කරන බව අරලිය ගහ මන්දිරයට රැස්වූ මන්ත්‍රීවරු පැවසුහ.

නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට එරෙහිව ඡන්දය භාවිතා කොට ඇත්තේ තමන්ගේ පාක්ෂිකයින් වන බැවින් තමන් නිවැරදි වෙමින් ඉදිරියට ගමන් කරන බවයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහයෝගය ලබාගනිමින් බහුතර බලය පෙන්වා තනි ආණ්ඩුවක් ගොඩ නැගීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන තනි ආණ්ඩුවක් පිහිටුවන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අදහසට ප්‍රතිචාර වශයෙන් එසේ කළහොත් තමන් ඔවුන්ට ඇමති පදවි නොදෙන බව ජනාධිපති වරයා ප්‍රකාශ කළ බවට වාර්තා පළවෙමින් තිබේ. එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව ආණ්ඩුවක් පිහිටුව ගැනීම තවත් විකල්පයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.