තමන් වෙනුවෙන් දිවිපිදු ආරක්ෂකයින් ගේ දරුවන් විනිසුරු භාර ගනී

illanchelianවෙඩි පහරකට ලක්වී මියගිය තම ආරක්ෂකයා වෙනුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා රැකබලා ගන්නා බව යාපනේ මහාධිකරණ විනිසුරු එම් ඉලන්චෙලියන් ප්‍රතිඥා දෙයි.ඔහු මෙම ප්‍රතිඥාව දෙන ලද්දේ වෙඩි පහරින් මියගිය උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍ර ගේ අවසන් කටයුතු සිදුකෙරෙමින් පැවති අවස්ථාවේදී ය.

“මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නම පුත්තු. අද ඉඳල මම හේමචන්ද්‍ර ගේ දුවයි පුතයි මම රැකබලා ගන්නවා. දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ මරණය දක්වාම මම මේ දරුවන් දෙන්නගේ අධ්‍යාපනය, අනාගතය භාර ගන්නවා.” විනිසුරු එම් ඉලන්චෙලියන් පැවසීය. එය තමන්ගේ යුතුකමක් පමණක් නොව, වගකීමක් ද වන බව ඔහු ප්‍රකාශ කළේය.

(bbcsinhala)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.