තරඟය දුෂ්කරයි -අල් ජසීරා විග්‍රහය

 

 

 

yOHtpEoL

 

අල්ජසීරා  විග්‍රහය වන්නේ රාජපක්ෂ හට දුෂ්කර අභියෝගයක් වන බවයි.මාධ්‍යවේදී සී ඒ චන්ද්‍රප්‍රේම කියා සිටීයේ සාමාන්‍යයෙන් රාජපක්ෂ හට ඡන්දය නොදෙන බව කියන මුස්ලිම්

සහ දෙමළ ජනතාව අතරින් ඔහුට ඡන්දය ලැබිය  හැකි බවයි.

අනෙක් අතට මීට පෙර  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා යුධ වීරයක් වූ අතර ඔහුට  රාජපක්ෂ ගේ ප්‍රතිරූපයට අභියෝග කල හැකි ප්‍රතිරූපයක් තිබු නමුත් ඔහුටත් ජයග්‍රහණය කල නොහැකිවූ බව චන්ද්‍රප්‍රේම පෙන්වා දුන්නේය.එසේ තිබියදී රාජපක්ෂ ගේ දෙවෙනියෙක් වූ සිරිසේනට මේ තරඟය දිනා ගැනීමට ඉඩක් නැති බව කියා සිටියේය.

වැඩිවෙන ජීවන වියදමට වඩා සිදුවී ඇති සංවර්ධනය ගැන දකුණේ ඡන්දදායකයින් අවධානය යොමු කරන බවයි  චන්ද්‍රප්‍රේම තර්ක  කරන්නේ.

මන්ත්‍රී රාජීව  විජේසිංහ කියා සිටීයේ මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද පීඩනය,පවුල්වාදය,ජීවන වියදමසහ දුෂණය රාජපක්ෂට අවාසි සහගත වෙන බවයි.

 

අර්බුද කලමනා කිරීමේ ජාත්‍යන්තරය නියෝජනය කළ ඇලන් කීනන් කියා සිටීයේ  ආණ්ඩුව ඉතා වීශාල වශයෙන් රාජ්‍ය දේපල භාවිතා කරමින් ප්‍රචණ්ඩ ලෙස මැතිවරණ

ප්‍රචාරණය මෙහයවන බවත් පොදු අපේක්ෂකයා සමාජ වෙනසක් සඳහා ඉඩක් විවර කිරීම පිළිබඳව බලාපොරොත්තුවක් ජනිත  කරන බවයි.

download (38)

 

අභ්‍යන්තර වාර්තා

මේ වන විට  වාර්තාවන්නේ මහින්ද රාජපක්ෂ  ජය පිළිබඳව දැඩි විශ්වාශයකින් කටයුතු කරමින් සිටින බවත් පොදු අපේක්ෂක පිළේ පීරිස ස්ථිර ජයග්‍රහණයක් පිළිබඳ දැඩි උද්දාමයකින් සිටින බවයි.

මේ තත්වය අනුව කිව හැක්කේ තරඟය තාමත් කරට කර තිබෙන නමුත් අවසාන මොහොතේ අනපේක්ෂිත යමක් සිදුවිය හැකි බවයි.

 

[vsw id=”/urDdEIwVLPY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.