තරින්දිව මරපු හේතුව ඝාතකයා පාපොච්චාරණය කරයි

Kottawaකොට්ටාව මත්තෙගොඩ පාරේ කෝටිපති ව්‍යාපාරික පවුලක වැඩිමහල් දියණිය වූ තරින්දි ආලෝකාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා වූ මාතර හක්මන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සැකකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමහේවා පටබැඳිගේ  වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

සැකකරුගේ පාපොච්චාරණයට අනුව මෙම ඝාතනට පෙරදින, එනම් 21 වනදා ඝාතකයා නිවසට හොරෙන් ඇතුළු වී තුන්වන මහලේ බැල්කනියේ සැඟවී සිට ඇත. පසුදා පහන් වනතුරුම එහි ගතකර තිබූ මෙම මිනීමරුවාපසුවදා තරින්දි ගේ මව සහ පියා කොට්ටාව හොරණ පාරේ පිහිටි ඔවුන් සතු “රංජිත් ස්ටෝස්” වෙත පිටවත්ව යනතෙක්  නිසොල්මන්ව හිඳ තිබේ.  තරින්දිව ඝාතනය කරන්නේ ඉන් අනතුරුවය.

මෙම ඝාතකයා පිලිබඳ ප්‍රභල සාක්ෂි රැසක් CCTV වීඩියෝ වලින් හෙළිවී තිබිණි.ඒ ඔස්සේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළේය. පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග තවදුරටත් සැඟව සිටීම නිශ්ඵල දෙයක් බව වටහාගත් සැකකරු සෙනසුරාදා (24) පෙරවරුවේ  නීතීඥවරයෙකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාර වූයේය.

ඝාතකයා සිය ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණය කළේ ඉන් අනතුරවය.

‘‘ මායි තරින්දියි අතරඅවුරුදු දෙකකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධයක්  තිබුණා. ඒ සම්බන්ධය දෙදෙනාගේම කැමැත්ත උඩ මීට ටික කාලයකට  කලින් නතර කළා. ඊට පස්සෙ මම මාතර හක්මන ප්‍රදේශයේ වෙනත් තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගත්තා. ඒත් එයාට තරින්දි සැරින් සැරේ කෝල් කළා. මේ හින්දා මගේ දෙවෙනි ප්‍රේම සම්බන්ධයත් බිඳ වැටුණා. මට මේක දරාගන්න බැරි උනා. තරින්දිව මැරුවෙ ඒකයි.” ඝාතකයාගේ පාපොච්චාරණයේ එසේ කියැවිනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.