තරුණයාගේ මුහුණේ පාට වෙනස් වී තිබු බව ශෂී පවසයි

මහින්ද පිලේ මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ පසුගියදා ජීවිතක්ෂයට පත් වූ තරුණයාගේ මරණය පිළිබඳව ශෂී වීරවංශ පැවසුවේ මියගිය ළහිරු ජනිත් සහ ඇගේ පුතා සමීප ඇසුරක් පැවැත්වූ මිතුරන් බවත් ඔහු නිතර තම නිවසේ රාත්‍රිය ගත කරන බවත්ය.

මියගිය දිනට පෙරදින රාත්‍රියේ ඔහු ගෙදර පැමිණි බවත් පසුව ඔහුගේ නිවසින් කෑමගෙන ආපසු තම නිවසට පැමිණ තම දරුවන් සමග චිත්‍රපටියක් නරඹා නිදා ගත් බවත් ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එසේ පැමිණි පසු ඔහුගේ ඇස් ඉදිමී තිබේනු දුටු බවත් ඇස් ඉදීමී ඇත්තේ ඇයිදැයි ඇසූ විට නිදිමරණ නිසා වන්නට ඇතැයි ඔහු පැවසූ බවත් ඇය අධිකරණයට ප්‍රකාශ කර ඇත.

පසුවදා පෙරවරු 9.00ට පමණ තමන්ගේ පුතා පැමිණ ළහිරු නැගිටින්නේ නැතැයි පැවසූ බවත් ඉන් පසු ඔහුගේ මවට දුරකථන ඇමතුමක් ලබා දී ගෙන්වාගෙන ඇයද සමග ඔහු නිදා සිටි කාමරයට ගොස් විපරම් කර බැලූ බවත් මුණින් අතට හැරී සිටි ඔහුව අනෙක් පස හරවූ බවත් ප්‍රකාශ කර තිබේ. ඔහුගේ මුහුණේ පාට වෙනස් වී තිබූ බවද ඇය පක්‍රාශ කර ඇත.

එදින නිවසේ රියදුරු නොසිටි බැවින් තමන්ම ඔහුව ජයවර්ධනපුර රෝහලට රැගෙන ගිය බවත් ප්‍රකාශ කර තිබේ. එසේ මියගොස් තිබුනේ දිසානායක මුදියන්සේලාගේ ලහිරු ජනිත් දිසානායක නැමති 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහුගේ මරණයට අදාල රසපරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නොමැති අතර නඩුව ලබන පෙබරවාරි 22 නැවත කැඳවීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.