තවත් සිරකරුවෙක් සිර මැදිරිය තුළ සියදිවි නසා ගනී…………..

commit-suicideත‍්‍රිකුණාමලය රිමාන්ඞ් බන්ධනාගාරයේ සිරකරුවෙකු  සිර මැදිරිය තුල ගෙල වැල ලාගෙන මිය ගොස් ඇතැයි ත‍්‍රිකුණාමලය වරාය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹලගමුව තෙලිගු නගර් පදිංචි කේ. පරමේෂ්වරන් නැමැති තිස් හැවිරිදි අයෙකි. ගෙවල් බිදුම් හා සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කන්තලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් දමිත් අලූත්ගමගේ ප‍්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර මහේස්ත‍්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.