තාජුදීන් ඝාතකයින්ට යහපාලන සැලකිල්ලක්

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන්  හිටපු ප්‍රබලෙයෙ සහ ඉඳහිට  ගීතවත් වෙන  හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ගේ නම් සඳහන් වී ඇතත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට  යම්කිසි උකටලී බවක් ඇති බව  වාර්තා වේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකරණ ලද මූලික පරීක්ෂණ නිමා වී ඇති අතර වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුනොවූවක් බවත් එය ඝාතනයක් බවත් තහවුරු වී තිබේ.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අද රහස් පොලිසිය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ නඩු පැවරීය.

තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී ඔහුගේ ඝාතනයට පෙර වද දෙමින් දත් කඩා තිබේ. ඉළ ඇට කඩා තිබේ. පාදයේ කලවා පෙදෙසේ අස්ථි බිඳ දමා තිබේ.  උල් ආයුධයකින් බෙල්ලට ඇන, මොට ආයුධයකින් පහරදී මරණය සිදුකර තිබෙන බව සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් අද ප්‍රකාශ කෙළේය.

 

 

 

වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තාජුඩීන් 2012 වසරේ මැයි 16 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී ඔහු ගමන් කළ මෝටර් රථය ගිනි ගැනීමෙන් මිය ගියා යැයි එකළ වාර්තා පළ විය.  2012 මැයි 17 වැනිදා උදේ ඔහුගේ සිරුර කාරය තුළ තිබී සොයාගන්නා විට දැවී අඟුරුවී තිබූ බව පොලිසිය පැවසීය.

තජුඩීන්ගේ පෙම්වතිය සමග ප්‍රබලයා ගේ පුතා  සම්බන්ධ වීමත් සමග ඔහු  සහ තජුඩීන් අතර ගැටුමක් ඇති විය. තජුඩීන් විවෘතම පුතාට ට බැන වැදී තිබිණ. මේ හේතුව මත ප්‍රබලයාගේ පුතා  තම හෙංචයියන් යොදවා තජුඩීන් ඝාතනය කළ බවට සැක කෙරේ. ඝාතනය සිදුකර එය රිය අනතුරක් බවට ඇඟවීමට සිරුර ඔහුගේ රියට දමා රියට ගිනි තබා ඇතැයි හෙළි වී ඇත. මෙම ව්‍යාජ රිය අනතුර සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ වාර්තා වෙනස් කිරීමට සහ ව්‍යාජ වාර්තා තැබීමට සියලු උපදෙස් දී ඇත්තේ එකළ කොළඹ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ගායකයා  විසිනි.

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.