තාජුදීන් මරණය ගැන මහින්දට විරෝධය

thajudeen protest

තුන් අවුරුද්දකට ඉහතදී  මහමග මළ සිරුර හමුවූ රගර් ශූර මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සැක කටයුතු  ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ ඉල්ලීම මත ඔහුගේ මෘත දේහය යළි ගොඩගැනුනි.

thajudeen

 

කොළඔ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ කොළඔ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුලු කණ්ඩායමක් විසින් මෙම සිරුර සඳුදා ගොඩගන්නා ලදී.

සිරුර ගොඩගන්නා ලද්දේ සිරුර මිහිදන් කර තිබු දෙහිවල ජුම්මා පල්ලියේ ජුජකතුමා, තාජුඩීන්ගේ සහෝදරිය සහ පවුලේ උදවිය ඇතුලු පිරිසක් හමුවේය.

සිරුර ගොඩගන්නා අවස්ථාවේ දෙහිවල ජුම්මා පල්ලිය අසල දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබු අතර දේහය රැගෙන යන අවස්ථාවේදි ඒ අවට සිටි පිරිසක් හිටපු ජනාධිපති වරයාට විරෝධය පාමීන් මෙම මරණයට සාධාරණය ඉටු කරන මෙන් ඉල්ලා සිටියහ.
[vsw id=”/9NhxFAQPlPdY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.