තිරසර සංවර්ධන නිර්දේශ ඉදිරිපත් කරන්න කමිටුවක්…

Karu Jayasuriyaතිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය සඳහා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරිමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ සභාපතිත්වයෙන් තේරිම් කාරක සභාවක් පත් කළ බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදි ඊයේ (17) නිවේදනය කළේය.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ද ඇතුළුව සාමාජිකයන් 15 දෙනකුගෙන් මෙම විශේෂ කාරක සභාව සමන්විතවේ.
මෙහි සෙසු සාමාජිකයන් ලෙස ඇමතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, වී.එස්. රාධක්‍රිෂ්ණන්, නිරෝෂන් පෙරේරා, රුවන් විජයවර්ධන, සුමේධා ජි. ජයසේන, අනුරාධ ජයරත්න, මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක, අබ්දුල්ලා මහ්රුෆ්, බුද්ධික පතිරණ, වෛද්‍ය රමේෂ් පතිරණ, ඊ. සරවන වන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, රෝහිණි කුමාරි විජේරත්න හා එස් වියාලේන්දිරන් යන අය පත් කර තිබේ.

තිරසර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරිම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා මෙම කමිටුව පත් කර ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!