තිලංග – අර්ජුන ගැටුම උග්‍රයි

thilanga&arjunaශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.
නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය. එම ලිපියේ පිටපතක් ද එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත ලබා දුන්නේය.

ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රීඩකයන් දිගින් දිගටම පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල කියා සිටියේ, සිය පරිපාලනය “ඊටත් එහා ගිය” වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

 

arjuna

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.