තිලංග කි‍්‍රකට් මහ පුටුවෙන් නික්ම යයිද?

Thilanga Sumathipalaතිලංග සුමතිපාල ඉල්ලා අස්වී කි‍්‍රකට් පරිපාලනයෙන් නික්ම යාමට ඉඩ තිබෙන බව විචාරකයින් පෙන්වා දෙති. අර්ජුන රණතුංග ඇමතිවරයා එල්ල කරන ප්‍රබල ප‍්‍රහාරය හමුවේ තිලංග සුමතිපාලට අන් විකල්පයක් නොමැති තැනට පත්වෙමින් පවතී.

මේ ප‍්‍රහාරය කෙසේ වෙතත් දැනට දී ඇති උසාවි නියෝගයක් අනුව තිලංග සුමතිපාලට තව දුරටත් කි‍්‍රකට් පරිපාලනයේ නිරත විය හැකිද යන්න ප‍්‍රශ්නයකි. පසුගියදා දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නුගේගොඩ දිස්ති‍්‍රක් උසාවියේදී දුන් තීන්දුවකට අනුව සූදු කී‍්‍රඩාවේ තිලංග සුමතිපාල නිරතව සිටින බවක් දක්වා ඇත. මෙය කි‍්‍රකට් නීතිරීති වලට පටහැනිය. මන්දයත් සූදු කී‍්‍රඩාවේ නිරත සමාගමක ක‍්‍රිකට් කී‍්‍රඩාව ගැන ඔට්ටු තැබීම සිදුවිය හැකිය.

එසේම මෙම සමාගම සම්බන්ධ ස්පෝර්ටින් ස්ටාර් නැමති විදේශ සමාගම තිලංග සුමතිපාලට දැනුවත්ව හෝ නොදැනුවත්ව විදේශයන්හීදී කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධව ඔට්ටු ඇල්ලීම සිදු කල හැකිය. තිලංග සුමතිපාල නුගේගොඩ දිස්ති‍්‍රක් උසාවියේදී පැවැති නඩුවේදී තමන් සූදු කී‍්‍රඩාවට සම්බන්ධ බව
පිළිගැනීමට බෙහෙවින් අදිමදි කලත් හරස් ප‍්‍රශ්න ඇසීමේදී ඔහුට අන් මගක් නොමැති විය. යූ.ඩබ්. සුමතිපාල සහ පුත‍්‍රයෝ විසින් කෙලින්ම බුකී කී‍්‍රඩාව පවත්වා ගෙන යන බව ඔහුට පිළිගැනීමට සිදු විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.