තිස්සට ඇප-සාක්ෂි නැහැ

 

DSC016tissssa1

 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 11 වැනිදා තෙක් කල් තැබිණි.

ඇප නියම කරමින්  කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කියා සිටියේ අත්තනායක මහතා ව්‍යාජ ලේඛන සෑදීම හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්කි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතාද  අධිකරණයට පැමිණ සිටියේය.

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.