තිස්ස අත්තනායක මොන පක්ෂයේද?

thissaw

සති දෙකක් පමණ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  ඇමති ධුරයක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනයක හට දැන් තවත් ප්‍රශ්නයක් මතු වී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ තමන් අයත් පක්ෂය කුමක්දැයි පැහැදිලි නොවීමයි.

එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයකු වන තමන්ට ආණ්‌ඩු පක්‌ෂයේ අසුනක්‌ වෙන්කර නැති බව තිස්‌ස අත්තනායක මහතා  තේරුම් ගත්තේ පාර්ලිමේන්තුවේ සභා ගැබට  පැමිණි පසුවයි. .

 මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ සභානායකවරයා විසින් ලබාදුන් මන්ත්‍රී ලැයිස්‌තුවට අනුව අසුන සකස්‌ කළ බවය. පසුව  අත්තනායක මහතාට විපක්‌ෂයේ අසුනක්‌ ලබාදිය හැකි බව මහලේකම්වරයා පවසා ඇත.

 images (69)kiu

තමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකු බැවින් විපක්‌ෂයේ අසුන් ගතහොත් සිය මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානමක්‌ ඇතැයි ප්‍රකාශ කර ඇති තිස්‌ස අත්තනායක මහතා විපක්‌ෂයේ අසුන් ගැනීම ප්‍රතික්‌ෂේප කර පාර්ලිමේන්තුවෙන් පිටව ගොස්‌ ඇත.

දැන් ප්‍රශ්නය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ හිටපු ම්හ් ලේකම් වරයා පක්ෂයට යළිත් ගනීද එසේත් නැතිනම් විනය කරය මර්ගකින් ඔහුව පක්ෂයෙන් නෙරප හරීද යන ප්‍රශ්නයයි.

[vsw id=”/HVAd5HuBIWY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.