තිස්ස ගොඩ යයිද?

tissa-attanayake

 

 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයෙන් ඉවත් කිරීම වලංගු නැතැයි ද, එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

අත්තනායක මහතා ඉවත් කළ   ක්‍රමවේදය නිසි ආකායරට සිදුවී නැතැයි ද කියැවිණි. මේ අනුව තිස්ස අත්තනායක මහතාට යලිත් එක්සත් ජාතික පශය තුල තමන්ගේ ස්ථාවරත්වය යළිත් ගොඩනගා ගැනීමට ඉඩක් ඇතිවිය හැකිය. තීරණාත්මක වූ අවසාන මොහොතේ වික්‍රමසිංහ මහතා සහ සිරිසේන මහතා අතරේ දෙමළ ජනතාවට සහන ලබා දෙන බව කියමින් අත්සන් කෙරුණු කුට ලියැවිලක් ඉදිරිපත් කරමින් පක්ෂයට කළ හානිය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කෝපයකින් සිටින බව වාර්තාවේ.

අනෙක් අතට තිස්ස අත්තනායක මහතා ඉතා දුෂ්කර සමයක පක්ෂය රැක ගැනීම සඳහා දැවැන්ත මෙහෙයක් කල බව පක්ෂය තුළ පිළිගැනීමක් පවතී.එහෙත් මේ වන විට ඒ වෙනුවෙන් මතයක් ගොඩ නැගීමට පක්ෂය තුල කණ්ඩායමක් නොමතිවීම ගැටළුවකි.

පසු ගිය කාලය තුළදී තිස්ස අත්තනායක සහ සජිත් ප්‍රේමදාස අතරේ දැඩි මිත්‍රත්වයක් තිබුනත් මේ වන විට සජිත් ප්‍රේමදාස ප්‍රවේසම්කාරී පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

පසුගිය ජනාධිපතිවරණ ස මයේ හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ මහතාට සහාය පළකරමින් ආණ්ඩුවට එක්වූ ඔහුට සෞඛ්‍ය ඇමැතිකම හිමි විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.