තිස්ස රහස් රැසක් හෙළිදරව් කරමින් ගමනක් අරඹයි

thissa-aththanayakeඑක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක කාලයක් නිහඬව සිට යළිත් දේශපාලනයට පිවිසෙන්නේ රහස් රැසක් හෙළිදරව් කරමිනි. මේ වන විට එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් අපේක්ෂා භංගතත්වයට පත්ව සිටින බව තිස්ස අත්තනායක පවසයි. 2015 ජනාධිපතිවරණයේදී අන්තිම මොහොතේ දී තමන් මහින්ද රාජපක්ෂ වෙත ගියේ හුදු ජයග්‍රහණය පමණක් බලාපොරොත්තු වෙන් නොවෙන බව පැවසීය.

රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා නම් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩ තිබු බව තිස්ස අත්තනායක පවසයි. සජිත් ප්‍රේමදාස හට පක්ෂයේ නියෝජ්‍ය නයකත්වය ලබා දීමට තමන් ගත් පියවර හේතුවෙන් රවී කරුණානායක,මංගල සමරවීර සහ දයා ගමගේ ඊට විරෝධය පලකළ බව පැවසීය.

ජතික හෙලා උරුමයේ අතුරලියේ රතන හිමියන් සහ දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්පන්දන් මෙන්ම මාදුළුවාවේ සෝභිත හිමියන් රනිල් හැරෙන්නට වෙනත් අපේක්ෂකයෙක් ගැන සලකා බලන මෙන් කියා සිටි බව පැවසීය. තිස්ස අත්තනායක තම අළුත් දේශපාලන ගමන ආරම්භ කන්නේ රනිල් විරෝධය සනිටුහන් කරමින්ය.

එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමේ වඩා පිළිවෙළක් දියත් වෙමින් තිබෙන බව පැහැදිළිය. එක්සත් ජාතික පක්ෂය මීළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේම අපේක්ෂකයක් ඉදිරිපත් කළ යුතු බවත් අපේක්ෂකයා සජිත් හෝ කරු විය යුතු බවට මතයක් ඇති කිරීමේ වැඩ පිළිවෙලක් දියත් වුවහොත් පුදුමයට පත් විය යුතු නොවේ.

මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති වී ඇති බව රාජපක්ෂ හිතවාදී නැකත් කරුවන් සාස්ත්‍රකරුවන් ප්‍රචාරය කරමින් සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!