තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාරයට

 

අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ පෙබරවාරි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

THEWARPPERUMA-626x3801

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පේරුම විසින් අගලවත්ත නගරයේදී පාලින්ද නුවර ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයෙකුට පහරදී දණ ගැස්සවීම සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත් කර පරීක්ෂණ සිදුකරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළේය .

එක්සත් ජනතා නිදහස් සන්ධාන මුරුගන් පුෂ්පකුමාර නැමැති පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාව පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් දණ ගස්වා ඔහුට පහරදෙනු ලැබූ මෙම සිද්ධිය ගැන මාධ්‍ය මගින් ද තොරතුරු වාර්තා කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබුනි.

 

මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානය කළ පැහැදිලි කිරීම

 

 

[vsw id=”/_4XL5A9n6yo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.