තේ වත්තේ තිතට මත

ඡන්දදායකයන්ට දෙන්න හදපු මත්පැන් බෝතල් 795ක් මාට්ටු.-හිරු

තලවාකැලේ සිට හැටන් හරහා ගිනිගත්හේන දක්වා මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් හත්සියඅනූපහක් (795) ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු හැටන් පොලීසිය මඟින් ඊයේ (06.01) රාත‍්‍රියේ අත් අඩංගුවට ගෙන තිබෙනවා. කුඩා ලොරි රථයක සූක්ෂම ලෙස අසුරා මෙම මත්පැන් තොගය රැගෙනයමින් තිබීයදී හැටන් පොලීසිය ස්ථාපිත මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේදී මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගත් බවයි හැටන් පොලීසිය පවසන්නේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් කාන්තාවක්ද සිටින බවත් මෙම මත්පැන් බෝතල් තොගය තේවතු ආශ‍්‍රිතව ඡන්දදායකයන් වෙත බෙදාහැරීම සඳහා රැගෙනයමින් තිබූ බවට දැනට තොරතුරු අනාවරණයවී තිබෙනවා.

 

අත්අඩංගුවට ගත් මෙම මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රු.ලක්ෂ අටක් වන බවත් අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය, සැකකරුවන් සිව්දෙනා සහ කුඩා ලොරි රථය අද (07.01) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පවසනවා.

 

 

 

 

ඡායාරූප – රංජිත් රාජපක්ෂ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.