තොන්ඩමන් ගේ නත්තල කලින් ඇවිත්

 

 

 

thondagam

 

 

ඉකුත් රජය විසින් වතු කම්කරුවන්ට බෙදාහැරීම සඳහා තොණ්ඩමාන් පදනමට ලබාදුන් රුපියල් කෝටි තුනක් වටිනා භාණ්ඩ තොගයක් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් මහතා හැටන්, නෝර්වුඩ්හි දී ඊයේ (17) බෙදමින් සිටිය දී එම භාණ්ඩ බෙදාහැරීම වහා නවතන ලෙසට හැටන් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කළ අතර මන්ත්‍රීවරයා එය භාර නොගෙන පිටව යාමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය.

මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා සහ තොණ්ඩමාන් පදනමේ සාමාජිකයන් පිරිසක් සහභාගි වී සිටියහ. එම භාණ්ඩ නැවත වතු කම්කරුවන්ට බෙදාහරිමින් සිටින අවස්ථාවේ නෝර්වුඞ් පොලිසිය මගින් එම භාණ්ඩ නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙසට හැටන් වැඩබලන මහෙස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු මහත්මියගෙන් කරන ලද ඉල්ලීම පරිදි භාණ්ඩ බෙදාහැරීම නතර කිරීමට නියෝගයක් නිකුත් කෙරිණ. එම අධිකරණ නියෝගය පොලිසිය මගින් ගෙනැවිත් තොණ්ඩමාන් මහතාට ලබාදෙන අවස්ථාවේ එය ලබාගැනීම ප‍්‍රතික්ෂේප කරමින් තොණ්ඩමාන් මහතා එම ක‍්‍රීඩාංගණයෙන් පිටව ගියේය.
භාණ්ඩ රැුගෙනයෑම වැළැක්වීමට
ඉන් අනතුරුව නෝර්වුඞ් පොලිසිය මගින් බෙදාහරින ලද භාණ්ඩ රැුගෙනයෑම වැළැක්වීමට ක‍්‍රීඩාංගණයේ දොර වසාදැමීමත් සමගම නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය. ක‍්‍රීඩාංගණයේ වෙනත් අතුරු මාර්ගවලින් භාණ්ඩ රැුගෙනයෑම වැළැක්වීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා. එහෙත් ඇතැම් පිරිස් ඒ ලබාගත් භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් රැුගෙන ගියහ.

නෝර්වුඞ් තොණ්ඩමාන් ක‍්‍රීඩාංගණයට පොලිස් කැරලි මර්දන ඒකකය සහ අමතර පොලිස් බළඇණි ද යෙදවිණි. පැවැති ජනාධිපති මැතිවරණයට ප‍්‍රථම තොණ්ඩමාන් ක‍්‍රීඩාංගණයේ සිමෙන්ති ගල් නිෂ්පාදනය කරන යන්ත‍්‍ර, ශබ්ද විකාශන යන්ත‍්‍ර, පුටු, සෙවිලිතහඩු, වැහි කූඩාරම් සහ විශාල භාජන හැටන් මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම භාණ්ඩවල අයිතිය තොණ්ඩමාන් පදනමට ඇති බව අධිකරණය හමුවේ එම පදනම මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හැටන්  මහෙස්ත‍්‍රාත් අයි.පී.ඞී. ලියනගේ මහතා විසින් එම භාණ්ඩ එම පදනමට නැවත ලබාදෙන ලෙස පොලිසියට නියෝග කළේය.

නෝර්වුඞ් පොලිසිය මගින් හැටන් වැඩබලන මහෙස්ත‍්‍රාත් දමයන්ති ප‍්‍රනාන්දු මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ මෙම භාණ්ඩ සම්බන්ධයෙන් හැටන් පොලිසිය මගින් පවත්වන ලද පරික්ෂණවල විශාල අඩුපාඩුකම් රැුසක් පවතින බවත් නැවත ඒ සඳහා වෙනත් සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් කණ්ඩායම් විසින් පරීක්ෂණයක් පැවැත්වීම ආරම්භකර ඇති බැවින් එම පදනම මගින් නිකුත් කිරීමට සැලසුම්කර ඇති භාණ්ඩ නතර කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසයි. මෙම කරුණු සලකා බැලූ වැඩබලන මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය. මෙම භාණ්ඩ ලබාදීමට ප‍්‍රථම පැවැති රැුස්වීමේදී තොණ්ඩමාන් මහතා පවසා සිටියේ මෙම භාණ්ඩ බෙදාහැරීම හැකිනම් නතර කර පෙන්වන ලෙසයි.

නෝර්වුඞ් නගරයට ඊයේ සවස් වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි. මෙම භාණ්ඩ තේ වතු දෙසිය තුනකට (203) ගම්මාන හතළිස් හතකට (47) සහ තොණ්ඩමාන් පදනමේ ප‍්‍රජා ශක්ති ව්‍යාපෘති හතළිස් හතරකට (44) නිකුත් කරමින් තිබුණි.

thondaman distributing election goods

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.